Nishan Neth News

බිත්තර මිල තවත් ඉහළට

බිත්තර මිල අද සිට තවත් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. බඩ ඉරිඟු හිඟය සහ අධික උෂ්ණත්වය නිසා බිත්තර නිෂ්පාදනය කැපීපෙනෙන ලෙස අඩුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව මිල වැඩි නොකර කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව ද  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසුවා. සෙසු … බිත්තර මිල තවත් ඉහළට

හොර පාරෙන් රැගෙන ආ බීඩි කොළ සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලද බීඩි කිලෝ ග්‍රෑම් 300ක් සහ දුම්වැටි 99,800 ක් සමග වෑන් රථයක් තම භාරයට ගැනීමට කල්පිටිය පොලීසියේ නිලධාරීන් සමත් වී තිබෙනවා. ඒ, කල්පිටිය,කන්දකුලිය – කුඩාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. මුහුදු මාර්ගයෙන් මෙරටට බීඩි කොළ සහ දුම්වැටි තොගයක් ගෙනැවිත් වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීමට සුදානම් කර ඇති බවට පුත්තලම විශේෂ කාර්යංශයට … හොර පාරෙන් රැගෙන ආ බීඩි කොළ සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට

කුපිත වූ ඊශ්‍රායල වැසියෝ පල්ලිවලට ගිනි තබති – ගෙවල් දොරවල් පවා කඩා දමන බවට නෙතන්යාහු ගොරවයි

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුර ප්‍රදේශයේ ගැටුම් තවදුරටත් උග්‍ර වී තිබෙනවා. පලස්තීන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් එරට මුස්ලිම් පල්ලි දෙකකට, රථවාහනවලට සහ වගා බිම්වලට ගිනි තබා හානි සිදුකර ඇති බවයි. ඉකුත්දා ‘තාල්‘ ගම්මානය අසලදී පලස්තීනුවන් සහ ඊශ්‍රායල පදිංචිකරුවන් අතර ඇති වූ ගැටුමකින් පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු මිය ගියා. ඊශ්‍රායල පදිංචිකරුවන් … කුපිත වූ ඊශ්‍රායල වැසියෝ පල්ලිවලට ගිනි තබති – ගෙවල් දොරවල් පවා කඩා දමන බවට නෙතන්යාහු ගොරවයි

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට සිට ඉදිරි දින කිහිපය තුල දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඌව පළාතේ සහ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් … හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

පොදුරද මඩුළු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම බලාපොරොත්තු බොද වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අවාසනාවන්ත ලෙස බොදවී ගියා. ඒ, බර ඉසිලීමේ ඉසව්වේ කිලෝග්‍රෑම් 65 බර පන්තියේ පිරිමි තරගයේදීයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගයට සහභාගි වූ සඳූ ජයවර්ධන එහි 5 වන ස්ථානය දිනා ගත්තා. ඒ, කිලෝග්‍රෑම් 275ක දක්‍ෂතාවක් දක්වමින්. තරගයේ ලෝකඩ පදක්කම ඔහුට ගිලිහී ගියේ කිලෝග්‍රෑම් 7ක සුළු පරතරයකින්. … පොදුරද මඩුළු ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම බලාපොරොත්තු බොද වෙයි

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවෙන් කොළ එළියක්

පළාත් සභා ඡන්දය කල්දැමීමට උත්සහ කරමින් සිටින බවට විපක්ෂය දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරනවා. එසේ තිබියදී නෙත් නිව්ස් වෙත වාර්තා වුණේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ද ආණ්ඩුව පාර්ශවයෙන් පවත්වා තිබෙන බවටත් තොරතුරු වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාද සඳහන් කළේ … පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවෙන් කොළ එළියක්

දෙවිනුවර පෙරහැරට තවදුරටත් විශේෂ ආරක්‍ෂාව – බිය නොවී පෙරහැර බලන්න පොලීසිය කියයි

දෙවිනුවර ඓතිහාසික උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය වෙනුවෙන් තවදුරටත් විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇතැයි පොලීසිය පවසනවා. ඒ අනුව පෙරහැරට සහභාගාවීමට හෝ එය නැරඹීමට පැමිණීමට කිසිවෙකු බිය විය නොමැති බවයි අවධාරණය කෙරෙන්නේ. මෙම පෙරහැර මංගල්‍යයේ ආරක්‍ෂාව වෙනුවෙන් බුද්ධි නිලධාරීන්ද ඇතුළුව නිලධාරීන් 500කට වැඩි පිරිසක් ආරක්‍ෂාවට යොදවා සිටිනවා. ඔවුන් පැය 24 පුරා විමසිලිමත්ව සිටිමින් පෙරහැරේ … දෙවිනුවර පෙරහැරට තවදුරටත් විශේෂ ආරක්‍ෂාව – බිය නොවී පෙරහැර බලන්න පොලීසිය කියයි

ගැරහුම් සහ තර්ජනවලින් සම්බදු සසුන රැකගැනීමට මහ සඟරුවන පෙළගස්වන මහා සග සමුළුව අද

සම්බුද්ධ ශාසනය, මහා සංඝරත්නය සහ බෞද්ධ ආගමික ඇතැම් සිද්ධාස්ථාන නිග්‍රහයට ලක්කරමින් සිදුකෙරෙන ද්වේශ සහගත ප්‍රකාශ සහ ක්‍රියාවන්ට එරෙහිව සංවිධාන කෙරෙන මහා සඟ සමුළුව කොළඹදී අද පැවැත්වෙනවා. සම්බුද්ධ ශාසනයේ, මහා සංඝරත්නයේ සහ බෞද්ධ ආගමික සිද්ධාස්ථානවල ආරක්ෂාව උදෙසා සංඝ සමාජය එකමුතු කිරීම සදහා සුදුසු තීරණවලට කඩිනමින් එලැඹීම මෙහි අපේක්ෂාව බවයි මේ ඒ පිළිබද වැඩිදුරටත් කරුණු දැක්වූ එහි … ගැරහුම් සහ තර්ජනවලින් සම්බදු සසුන රැකගැනීමට මහ සඟරුවන පෙළගස්වන මහා සග සමුළුව අද

දෙහිවල ගල්කිස්ස අවුලන කොස් මල්ලි, සැන්ඩෝ සහ බඩෝවිට අසංක ගැටුමේ තවත් තොරතුරු එළියට – සුසාන භූමියේදී පත්තු කරන්න ආ පැදිකරුවාත් කොටු කර ගනී

දෙහිවල ගල්කිස්ස පොදු සුසාන භූමියේදී ඉකුත් 19 වනදා කෙරුණු වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි බව කියන යතුරු පැදියේ පැදිකරුවායි. ඉකුත් 21දා ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේදී ව්‍යාර්ථ වූ වෙඩි තැබීම සඳහා වෙඩික්කරු රැගෙන පැමිණ ඇත්තේ ද මෙම සැකකරුවාම බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිව තිබෙනවා. අත්අඩංගුවට ගන්නා … දෙහිවල ගල්කිස්ස අවුලන කොස් මල්ලි, සැන්ඩෝ සහ බඩෝවිට අසංක ගැටුමේ තවත් තොරතුරු එළියට – සුසාන භූමියේදී පත්තු කරන්න ආ පැදිකරුවාත් කොටු කර ගනී