Nishan Neth News

අධ්‍යාපනයේ වැදගත්කම අත්‍යවශ්‍ය අධ්‍යාපන වෛද්‍ය විද්‍යාව දැරිය හැකි මිලකට ලබා දීම අවශ්‍යතා හඳුනා ගැනීම, අධ්‍යාපනය, දැනුම සහ කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර සහ රූප නිර්මාණ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අප යෝජනා කරනවා.

මුද්‍රිත පොත් සහ අනෙකුත් මුද්‍රිත ද්‍රව්‍ය 2024 ජනවාරි මස සිට එකතු කළ අගය මත බද්දට (VAT) යටත් විය අතර, අභ්‍යාස පොත් ඇතුලත් පෙර සිටම එම බද්දට යටත්ව පැවතුනි.

චිත්‍රපට කර්මාන්තය තුළ එකතු කළ අගය මත බද්ද සාධාරණ හා සමාන ලෙස අදාළ කිරීම සහතික කිරීම අරමුණින්, සිනමා ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම මත වැට් බදු ගෙවීමේ පදනම සකස් කිරීම කිරීමට අප යෝජනා කරනවා.

ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ක්‍රීඩා කර්මාන්තය සඳහා නියාමන රාමුවක් ස්ථාපනය කිරීමේ දිගු කාලීන අවශ්‍යතා සපුරාලීම, රජය විසින් සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය ස්ථාපිත කර එහි කටයුතු ආරම්භ කර ඇත.

සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශය සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කරනවා.

පොලිස් නිලධාරීන්ට රටේ දේශගුණක තත්ත්වයන්ට ගැලපෙන සහ නවීන තාක්ෂණික උපකරණ සහිත නව නිල ඇඳුමක්

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල් කෙරේ වෙන් කරන මුදල රු. මිලියන 60ක්

නිවසක් සඳහා ආධාරයත් රු. ලක්ෂ 10 සිට රු. ලක්ෂ 15 දක්වා වැඩි කෙරේ

“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්”යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා 2027දී තවත් නිවාස 10,000ක්