6% බදු අනුපාතය අදාල වන බදු ස්ථරය මසකට රු. 70,833 ක් වන අතර, ඉන් අනතුරුව මසකට රු 41,667 සිට මසකට රු. 50,000 දක්වා පුළුල් වේ. 6% අනුපාතයට පසු 18% වෙනුවට 12% අනුපාතය අනුව 6%, 12%, 18%, 24%, 30% සහ 36% ලෙස බදු අනුපාත සකස් වේ. Nishan Neth News | November 12, 2026
පුද්ගල ආදායම් බදු ගෙවීමට තවදුරටත් සහන සැලසීම සඳහා වාර්ෂික පුද්ගල ආදායම බදු නිදහස් සීමාව තවදුරටත් ඉහළ නැංවීමටත්, බදු අය කළ හැකි නිෂ්පාදන පරාසයන් පුළුල් කිරීම සඳහා පුද්ගල බදු බදු ව්‍යුහය සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
අප රජය විසින් 2025 වසරේ වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රු. මිලියන 18 දක්වා ඉහළ නංවනු ලැබේ. මෙම පියවර ඇතුළත් එක් එක් පුද්ගල ආදායම බදු ගෙවන්නෙකුට මාසිකව අවම වශයෙන් රු. 3,500 ක සිට උපරිම වශයෙන් රු. 20,500 ක් දක්වා බදු සහනයක් හිමි විය. Nishan Neth News | November 12, 2026
2025 වසරේ දී හඳුන්වා දුන් බදු ප්‍රකාශනය සහ 2027 වසර සඳහා යෝජිත සංශෝධනවල සිදුවීම් සමස්තයක් ලෙස, අප රජය විසින් එක් පුද්ගල ආදායමක් ගෙවන්නෙකුට ලබා දෙන මාසික බදු සහනය අවම වශයෙන් රු. 4,250 ක සිට උපරිම වශයෙන් රු. 36,250 ක් දක්වා ඉහළ නැංවෙනවා. Nishan Neth News | November 12, 2026
උපරිම පුද්ගල බදු අනුපාතය අදාළ වන මාසික ආදායම සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා ඉහළ නැංවෙන අතර, එක් එක් පුද්ගල ආදායම බදු ගෙවන්නෙකුට මාසික අවම වශයෙන් රු. 750 ක සිට උපරිම වශයෙන් රු. 15,750 ක් දක්වා අතිරේක බදු සහනයක් හිමි වනු ඇත. Nishan Neth News | November 12, 2026
2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000 කින් ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 කින් ද 50,000 දක්වා ද දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා කරනවා Nishan Neth News | November 12, 2026
නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ,රාජ්‍ය නීතිඥ තනතුර සඳහා වෘත්තීයක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000 කින් ද රජයේ අධි නීතීඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය නොයෙදීමේ දීමනාව රුපියල් 20,000කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම මුදලෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා. Nishan Neth News | November 12, 2026
2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලැබේ මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000 කින් ද හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට 50,000 දක්වා ද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සැපය නොමැති දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට අවශ්‍ය වියදම් ඉහළ යාමට නියමිතයි. Nishan Neth News | November 12, 2026
මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා. Nishan Neth News | November 12, 2026