Nishan Neth News

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘රන් සපත්තුව‘ පිට පිට දෙවැනි වරටත් කිලියන් එම්බාපේට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘රන් සපත්තුව‘ සම්මානය ප්‍රංශයේ කිලියන් එම්බාපේ විසින් දිනාගත්තා. ඔහු මෙම සම්මානය දිනාගත් පිට පිටම දෙවැනි අවස්ථාව ද මෙයයි. මෙවර තරගාවලියේදී කිලියන් එම්බාපේ ගෝල 10ක් ලබාගත්තා. ඒ තරග 8කට සහභාගී වෙමින්. මීට පෙර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ද ‘රන් සපත්තුව‘ සම්මානය දිනාගත් ඔහු එවර ලබාගත් ගෝල සංඛ්‍යාව 8ක්. පාපන්දු ලෝක කුසලාන … පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘රන් සපත්තුව‘ පිට පිට දෙවැනි වරටත් කිලියන් එම්බාපේට

බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එක්සත් ජනපදය සහ ඉරානය තවදුරටත් එල්ල කරන ප්‍රහාර හමුවේ ඉන්ධන සැපයුම්වලට බාධා ඇතිවිය හැකි බවට පවතින අවදානම බොරතෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.41ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම බොරතෙල් බැරලයක මිල ඉහළ … බොරතෙල් මිල තවදුරටත් ඉහළට

ඩෙංගු රෝගීන් ගණන 76,000 ත් ඉක්මවයි

මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව රෝගීන් 76,044 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන … ඩෙංගු රෝගීන් ගණන 76,000 ත් ඉක්මවයි

නවගමුවේ වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

නවගමුව, කොරතොට ප්‍රදේශයේදී පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. අදාළ වෙඩි තැබීම සදහා යතුරු පැදියකින් පැමිණි සැකකරුවෙකු හා එම අපරාධය සිදුකිරීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු දෙල්ගොඩ ප්‍රදේශයේදී එලෙස අත්අඩංගුවට ගෙන … නවගමුවේ වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

වැසි අඩු වුණත් සුළං වැඩි වෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පැවසුවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බවයි … වැසි අඩු වුණත් සුළං වැඩි වෙයි

මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂය ඉක්මවයි

මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ පසුගිය ජනවාරි පළමු වනදා සිට ජූලි පහළොස් වනදා දක්වා මෙරටට සංචාරකයින් දොළොස් ලක්ෂ තිස්හය දහස් හසිය අනූපස් දෙනෙකු පැමිණ ඇති බවයි. මින් වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී … මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව දොළොස් ලක්‍ෂය ඉක්මවයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පස්වරුවේ

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භුමියේදි සිදු කෙරෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ විශ්‍රාමික පොලිස්පතිවරයෙකුගේ මියයාමකදී හිමිවන පොලිස් උත්තමාචාර සහිතව අවසන් කටයුතු කිරිමට සියලු කටයුතු සුදනම් කර ඇති බවයි. මේ අතර හිටපු පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති … හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු පස්වරුවේ

පේරු රාජ්‍යයේ භූකම්පන දෙකක් – පුද්ගලයන් 6ක් මරුට

පේරු රාජ්‍යයේ කඳුකර ප්‍රදේශයකට බලපෑ භූකම්පන දෙකකින් පුද්ගලයන් 6 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. එහිදී තවත් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම භූකම්පනවල ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 5.1ක් සහ 3.7ක් ලෙස සටහන් වී තිබෙනවා. පේරු අගනුවර වන ලීමා නගරයේ සිට කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි ජුනින් ප්‍රදේශයේ එම භූකම්පන හටගෙන … පේරු රාජ්‍යයේ භූකම්පන දෙකක් – පුද්ගලයන් 6ක් මරුට

ගොවීන් විරෝධය පළ කළත් වී මිලදී ගැනීම සාර්ථකයි – මණ්ඩලය කියයි

යල කන්නයේ වී මිලද ගැනීමේ වැඩසටහන යටතේ වී අලෙවි මණ්ඩලය දින 4ක් තුළ වී මෙට්‍රික් ටොන් 305 ක් මිලද ගත් බව වී අලෙවි මණ්ඩලය පවසනවා. යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු පසුගිය 13 වනදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වුණා. පසුගිය 13 වනදා සිට 17වෙනිදා දක්වා දින 4ක කාලයක් තුළ වී මෙට්‍රික් ටොන් 305ක් වී අලෙවි මණ්ඩලය … ගොවීන් විරෝධය පළ කළත් වී මිලදී ගැනීම සාර්ථකයි – මණ්ඩලය කියයි