ඉරානයේ නගර කිහිපයකින් අද අලුයම ප්‍රබල පිපිරීම් හඬ ඇසුණු බව විදෙස් වාර්තා පවසනවා. මේ පිළිබඳ අදහස් දක්වමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මෙම ප්‍රහාරවලින් ඉරානයට දැඩි බලපෑම් ඇති වූ බවයි. ඉකුත් දිනවල ජෝර්දානයේ සහ ඉරාකයේදී අමෙරිකානු කදවුරු වෙත ඉරානය ප්‍රහාර එල්ල කල අතර එම ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් තුන්දෙනෙකු මියගියා. ඒ, ජෝර්දානයේ දී දෙදෙනෙකු සහ … ජෝර්දානයේ අකාබා ගුවන් තොටුපොළටත් ප්‍රහාරයක් – ඉරානයේ නගර කිහිපයක පිපිරීම්
තම පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරෙන වීඩියෝ පටයක් මුහුණු පොත හරහා සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු, එම තරුණිය කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනීමට අළුබෝමුල්ල පොලිසිය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනාපිනුවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 22 හැවිරිදි කොස්තාපල්වරයෙක්. අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පොලිසියට පැමිණිලි කර ඇත්තේ, සැකකාර කොස්තාපල්වරයා සමඟ වසර … පෙම්වතිය සමග ලිංගිකව හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයට මුදාහළ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
හදිසියේ ඇතිවූ කැසීමේ රෝගයක් හේතුවෙන් උඩප්පුව – කට්ටකඩුව රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනු ලබන සිසුන් පිරිසකට බාහිර ප්‍රතිකාර ලබාදීමෙන් පසු ඔවුන් දෙමව්පියන් වෙත භාරදී තිබෙනවා. සිසුන් රෝගී වූ බව දැන ගැනීමෙන් අනතුරුව එම පන්ති කාමරයේ සිටි අනෙකුත් සිසුන්ද ඔවුන්ගේ දෙමව්පියන් පැමිණ නිවෙස් වෙත රැගෙන ගොස් ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කුෂ්ඨ … උඩප්පුවේ පාසලක සිසුන් පිරිසක් අතර කැසීමේ රෝගයක්
සීදූව, මීගමුව පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා. ඒ, සීදුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහි කළමණාකරණ කටයුතු සිදුකළ පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරු වයස අවුරුදු 40 ක් වන හඳුන්තාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අවුරුදු 22 … සම්භාහන මධ්‍යස්ථානයක නම විකුණා පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි – කාන්තාවන් හතරකුත් අත්අඩංගුවට
මෙරට කාන්තාවන්ට හා පිරිමින්ට සිය ලිංගිකත්වය වෙනස් කර ගැනීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බල රහිත කිරීමේ නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපත්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. හිටපු … පුද්ගලයින්ගේ ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙමින් නිකුත් කර තිබෙන චක්‍රලේඛ බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කළ පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
නානූඔය සිට බදුල්ල බලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කල විදෙස් ජාතික කාන්තාවක් එම දුම්රියෙන් ඇද වැටී තිබෙනවා. තුර්කි ජාතික කාන්තාවක් වන ඇය අඹේවෙල ප්‍රදේශයේදී එලෙස දුම්රියෙන් ඇද වැටී ඇති බවයි පට්ටිපොල පොලීසිය පැවසුවේ. එහිදි බරපතල තුවාල ලැබූ ඇය නුවරඑළිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිය හිතවතුන් පිරිසක් සමග නුවරඑළියට … දුම්රිය පාපුවරුවේ එල්ලී සෙල්ෆි ගැසීමට ගිය විදෙස් කතට අත් වූ ඉරණම
බදු ගෙවීම පැහැර හරිනු ලැබු මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් පැහැර හරිනු ලැබූ බදු අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ, බදු ගෙවිම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම බදු අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැදවනු ලැබූ අවස්ථාවේදීයි. නීතිපතිවරයා … බදු පොලු තිබ්බ මැත්පැන් සමාගම්වලට වැඩ වරදී
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරෙනවා. බෞද්ධ මන්දිරය වෙත බුද්ධ පූජාව පවත්වා වත බැඳ සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා ප්‍රදක්ෂිණා කොට ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා. මෙලෙස පිටත්වන පෙරහැර පිට වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත විථි … ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ හය වන පෙරහැර අද