මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණය නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම මුදලෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා. Nishan Neth News | November 12, 2026
බන්ධනාගාර නිලධාරීන් සිය රාජකාරී ඉටු කිරීමෙි දී මුහුණ දෙන දුෂ්කර හා අධි අවදානම් සහගත සේවා තත්ත්වයන් ලියාපදිංචි කිරීම, දැනට ගෙවනු ලබන මාසික අවදානම් දීමනාව රු. 8,000 සිට රු. 16,000 දක්වා 100% කින් වැඩි කර, ඉහළ නැංවීමට කටයුතු කරනවා. Nishan Neth News | November 12, 2026
දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවනු ලබන රු. 2,250 ක දීමනා ද, රු. 10,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ යෝජිත මෙම දීමනාව 2027 ජූලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශය සඳහා රු. 1,000 සිට රු. 2,000 ද දක්වා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කරනු ලබනවා. Nishan Neth News | November 12, 2026
ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු. 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශය සඳහා රු. 3,000 සිට රු. 6,000 ද දක්වා, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශය සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල රාජකාරී ඉටු කිරීමේ දී තම පුද්ගලික වාහන භාවිතා කරනු ලබන නිලධාරීන්ට දැනට මාසික රු. 50,000 ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. Nishan Neth News | November 12, 2026
උසස් අධ්‍යාපනයේ උසස් තත්ත්වය, පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන වැදගත් කාර්ය භාරය ලබාගත්, එම කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. එම වැඩි වන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට ඉතිරි 50% 2028 ජූලි මස සිට ලබා දීමට කටයුතු කරනවා. Nishan Neth News | November 12, 2026
පොලිස් නිලධාරීන්ට සිය රාජකාරිය ඉටුකිරීමේ දී දැරීමට සිදුවන ආහාර සහ නවාතැන් වියදම් ඉහළ යාමේ වියදම් පියවා ගැනීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ආහාර සහ නවාතැන් දීමනාව 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026