Nishan Neth News

මීගමු බන්ධනාගාර ගැටුම අතරතුර දොර කවුළුවෙන් වෙඩි තැබූ නිලධාරියාට උසස්වීමක් දෙන්න යෝජනා

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ තවත් නිලධාරීන් කිහිපදෙනෙකුගේ අවසන් කටයුතු අද දිනයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. මේ අතර එම බන්ධනාගාරයේ ගැටුම හටගත් දෙවන දිනයේ බන්ධනාගාර කවුළුවෙන් ඇතුළට වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාට උසස්වීමක් ලබාදීමටද දැන් යෝජනා වී ඇතැයි වාර්තා වනවා. එම තොරතුරුද ඇතුළත් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.

වැඩපෙන්නූ මොරොක්කෝවේ බලාපොරොත්තු සුන් – එම්බාපේගේ සුපිරිය ප්‍රංශය Semi අරන් යයි

ලෝකයම කතාවෙන සිය විශිෂ්ටත්වය නැවත තහවුරු කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ප්‍රංශය අවසන් පූර්ව වටය සඳහා රැගෙන යාමට කිලියන් එම්බාපේ සමත් වුණා. ඒ ඊයේ පැවති අර්ථ අවසන් පූර්ව තරඟයකදී මොරොක්කෝව ගෝල 2ට 0ක් ලෙස පරාජය කරමින්. මෙම තරගයේදී එම්බාපේගේ දක්ෂතා මෙන්ම ප්‍රංශ කණ්ඩායමේ තවත් සුපිරි තරුවක් වන උස්මාන් ඩෙම්බෙලේ දැක්වූ දක්ෂතාද විචාරක ඇගයීමට ලක්වුණා. ​තරගයේ … වැඩපෙන්නූ මොරොක්කෝවේ බලාපොරොත්තු සුන් – එම්බාපේගේ සුපිරිය ප්‍රංශය Semi අරන් යයි

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වේගඟට බහී – සැකකරුවන් 5ක් අත්අඩංගුවට

රත්නපුර, හකපුව පාර ප්‍රදේශයේදී වේගඟේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන සදහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදුන් බවයි වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පැවසුවේ.

පුරාවස්තු සොයා කැණිම් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

කන්දකැටිය, ගිගිරිබුදාම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සොයා කැණීම් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ලද තොරතුරක් මත කන්දකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම සිදුකළ වැටලීමකදීයි. එහිදි කැණීම් කටයුතු සදහා යොදාගෙන තිබූ උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු බදුලුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

කටුගස්තොට ගින්නක්

කටුගස්තොට, පට්ටියවත්ත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක් සමඟ ඇති මහල් හතරකින් යුත් නිවසක ගින්නක් හටගෙන තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මහනුවර ගිනි නිවීමේ ඒකකය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි කටුගස්තොට පොලිසිය පැවසුවේ. ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නැහැ. කෙසේවෙතත් දේපළවලට හානි සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර … කටුගස්තොට ගින්නක්

ඉන්දියාවේ ක්‍රිකට් ආඩම්බරය බින්දුවටම වැටේ – එංගලන්තය හමුවේ ලොක්කෝ ලෙල්ලටම පරදී – පොඩ්ඩො ශ්‍රී ලංකාව හමුවේ හොට බිම ඇන ගනී

ඉන්දීය ක්‍රිකට් අභිමානය පහළටම ඇද දමමින් දෙරට අතර පැවැත්වෙන තරග පහකින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයද පහසුවෙන් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. එංගලන්තයේ බි්‍රස්ටල්හී පැවති මෙම තරගය එංගලන්තය ජය ගත්තේ කඩුලු 9න් සහ පන්දුවාර 6යි එක් පන්දුවක්ද ඉතිරිව තිබියදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 158ක් ලබා … ඉන්දියාවේ ක්‍රිකට් ආඩම්බරය බින්දුවටම වැටේ – එංගලන්තය හමුවේ ලොක්කෝ ලෙල්ලටම පරදී – පොඩ්ඩො ශ්‍රී ලංකාව හමුවේ හොට බිම ඇන ගනී

බහරේන්, කටාර්, කුවේට් සහ ජෝර්දාන් ඉලක්ක රැසකටත් දරුණු ප්‍රහාර – කලාපය යළි ගිනියම් වෙයි

සටන් නැවැත්වීම සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්පූර්ණයෙන් නොසලකා හරිමින් අමෙරිකාව සහ ඉරානය ඉකුත් දින කිහිපයේදී ද දෙපාර්ශවයේ ඉලක්ක වෙත දරුණු ප්‍රහාර එල්ල කර තිබෙනවා. අමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය ප්‍රකාශ කළේ ඉරානයේ වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති සහ හමුදා මධ්‍යස්ථාන ඇතුළු ඉලක්ක අනූවකට තමන් ප්‍රහාර එල්ල කළ බවයි. ඊයේ මෙන්ම පෙර දින දෙකේ ද … බහරේන්, කටාර්, කුවේට් සහ ජෝර්දාන් ඉලක්ක රැසකටත් දරුණු ප්‍රහාර – කලාපය යළි ගිනියම් වෙයි

පාස්කු ප්‍රහාරය ගැන තවමත් සේවයේ නිරත පොලිස් නිලධාරියෙකුගෙන් වැදගත් ප්‍රකාශයක් – පිටපතක් රහසිගතව අධිකරණයට

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියම … පාස්කු ප්‍රහාරය ගැන තවමත් සේවයේ නිරත පොලිස් නිලධාරියෙකුගෙන් වැදගත් ප්‍රකාශයක් – පිටපතක් රහසිගතව අධිකරණයට

මීගමුව බන්ධනාගාරය රැදවියන් රැදවීමට සුදුසු නැහැ- බන්ධනාගාර පරිපාලනයෙන් තීරණයක්

මීගමුව බන්ධනාගාර පරිශ්‍රය තුළ රැදවියන් රදවා තැබීම නුසුදුසු බවට බන්ධනාගාර පරිපාලනය විසින් තීරණය කර තිබෙනවා. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ පසුගියදා එම බන්ධනාගාරයේ ඇති හදිසි තත්ත්වය හේතුවෙන් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බවයි. එමෙන්ම, විමර්ශන නිලධාරීන්ට අපරාධ ස්ථානයෙහි ආරක්ෂිතව විමර්ශන කටයුතු සිදු කිරීමට ඉඩ හැරීමට සහ රැඳවියන්ගේ ආරක්ෂාව … මීගමුව බන්ධනාගාරය රැදවියන් රැදවීමට සුදුසු නැහැ- බන්ධනාගාර පරිපාලනයෙන් තීරණයක්