Nishan Neth News

දිගට හරහට පහර දෙමින් ඉරානයෙන් ජනපති ට්‍රම්ප්ට සැර තරවටුවක්

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම තවත් තීව්‍ර කරමින්, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු යුද ගැටුම් මෙන්ම වාග් ප්‍රහාර ද මේ වන විට උග්‍ර වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, ඉරානය සිදුකරන ඕනෑම ප්‍රහාරයකට තමන් විසි ගුණයක ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවයි. එමෙන්ම, මෙම ප්‍රහාර මාලාවේ අරමුණ ඉරානයේ න්‍යෂ්ටික අවි වැඩසටහන සම්පූර්ණයෙන්ම … දිගට හරහට පහර දෙමින් ඉරානයෙන් ජනපති ට්‍රම්ප්ට සැර තරවටුවක්

මීගමුවේ කාන්තා රැදවියන් පිරිසකුත් වෙනත් බන්ධනාගාරවලට

මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් 73 දෙනෙකු පල්ලෙකැලේ සහ වාරියපොළ බන්ධනගාර වෙත මාරුකර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ, එම කාන්තා රැඳවියන්ගෙන් 33 දෙනෙකු වාරියපොළ බන්ධනාගාරයටත් තවත් රැදවියන් 40 දෙනෙකු පල්ලෙකැලේ බන්ධනාගාරයටත් එලෙස මාරු කර යැවූ බවයි. ඒ අතරට විදෙස් ජාතික කාන්තාවන් 28 දෙනෙකුද අයත්. එම බන්ධනාගාරයේ රදවා සිටි පිරිමි … මීගමුවේ කාන්තා රැදවියන් පිරිසකුත් වෙනත් බන්ධනාගාරවලට

හිත හොද ජේලර් චන්ද්‍රවංශගේ දේහය බලා පුත්‍රයා සරසවි විභාගයට 

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්‍ෂයට පත් වූ ජේලර් ජේ.එස්.එච්.ජී චන්ද්‍රවංශ මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙනවා. ඒ, මාලඹේ ප්‍රදේශයේදීයි. ඔහුගේ දේහය මාලඹේ පෞද්ගලික මල් ශාලාවක මේ වනවිට තැන්පත්කර තිබෙනවා. කාගේත් හිත හොද චන්ද්‍රවංශ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විම සදහා සහෝදර බන්ධනාගාර නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඊයේ සිට එම පෞද්ගලික මල්ශාලාව වෙත පැමිණෙමින් සිටිනවා. ජීවිතක්‍ෂයට පත් වූ … හිත හොද ජේලර් චන්ද්‍රවංශගේ දේහය බලා පුත්‍රයා සරසවි විභාගයට 

බොරතෙල් මිල යළි ඉහළට

මැදපෙරදිග කලාපයේ නැවත උත්සන්න වන යුද ගැටුම් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 8 කින් පමණ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ​ඇමෙරිකාව සහ ඉරානය අතර පැවති තාවකාලික සටන් විරාම ගිවිසුම අවසන් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් ඉන් අනතුරුව ඉරාන ඉලක්ක වෙත අමෙරිකාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීම සහ ඊට ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමත් … බොරතෙල් මිල යළි ඉහළට

බයිලා එපා ඉල්ලා අස්වෙන්න – බන්ධනාගාර ගැටුමේදී වැරදුණු තැන් පෙන්වමින් අජිත් පී කියයි

මීගමුව බන්ධනාගාර ගැටුම හේතුවෙන් අධිකරණ අමාත්‍යවරයා වහාම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙම ගැටුම පාලනය කර ගැනීමට ඕන තරම් අවස්ථාව තිබූ බවයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි … බයිලා එපා ඉල්ලා අස්වෙන්න – බන්ධනාගාර ගැටුමේදී වැරදුණු තැන් පෙන්වමින් අජිත් පී කියයි

මෙසී සමග ආජන්ටිනාව දින්නේ හොරකරලද ? ඊජිප්තුවෙන් ෆිෆා ආයතනයට ලිඛිත පැමිණිල්ලක්

අවසන් 16ය වටයේ තීරණාත්මක තරගයකින් ආර්ජන්ටිනාව හමුවේ ගෝල 3 ට 2 ක් ලෙස පරාජය වී මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසිවූ ඊජිප්තු කණ්ඩායම, එම තරගයේ විනිසුරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට හෙවත් ‘ෆිෆා‘ ආයතනයට නිල වශයෙන් පැමිණිලි කර තිබෙනවා. ඊජිප්තු පාපන්දු සංගමය පවසන්නේ, ප්‍රංශ ජාතික ප්‍රධාන විනිසුරු ෆ්‍රැන්සුවා ලෙටෙස්ලියර් ඇතුළු විනිසුරු මඩුල්ල තරගය පුරාම ආර්ජන්ටිනාවට … මෙසී සමග ආජන්ටිනාව දින්නේ හොරකරලද ? ඊජිප්තුවෙන් ෆිෆා ආයතනයට ලිඛිත පැමිණිල්ලක්

අමෙරිකානු ප්‍රහාර නිසා ඉරානයේ නගර කිහිපයක් දෙදරයි – බහරේනයේ සහ කුවේටයේ ස්ථාන 85කට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ලෝක දේශපාලනයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරමින්, ඇමරිකානු හමුදා විසින් ඉරානයට එරෙහිව යළිත් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම බලඇණිය හෙවත් ‘සෙන්ට්කොම්‘ ආයතනය නිවේදනය කරන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට ඉරානයෙන් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා මෙම ප්‍රහාර එල්ල කරන බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දුන් නියෝගයකට අනුව මෙම … අමෙරිකානු ප්‍රහාර නිසා ඉරානයේ නගර කිහිපයක් දෙදරයි – බහරේනයේ සහ කුවේටයේ ස්ථාන 85කට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පැරණි බෝගම්බර බන්ධනාගාරය ගැන තීරණයක් ගනී

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් නිකුත් කර තිබෙනවා. ඒ, බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි. මේ අතර පසුගිය 7 වනදා ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව අධිකරණ අමාත්‍ය … පැරණි බෝගම්බර බන්ධනාගාරය ගැන තීරණයක් ගනී

තවත් බන්ධනාගාර නිලධාරියෙකු ජීවිතක්ෂයට

  මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ඒ,සී. ගජනායක මහතා පැවසුවේ. ඒ අනුව එම ගැටුමෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.