2027 වසරේ ජූනි නිල දී පොලිස් නිලධාරීන් සඳහා අප රටේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන, නවීන තාක්ෂණික උපකරණ වලින් ද යුත් නව නිල ඇඳුමක් ලබාදීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම, නුවර එළිය, කොළඹ නගරය, ගම්පහ, කළුතර, මහනුවර, සහ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් ලෙස සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115 ක් වෙන් කර තිබේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 60 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරි ඩිජිටල්කරණය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පුර්ණ ලෙස නවීකරණය, නාරාහේන්පිට පොලිස් රෝහල සංවර්ධනය, අත්තිඩිය පොලිස් පුහුණු ආයතනය සංවර්ධනය, මිරිහාන පොලිස් ක්‍රීඩා සංකීර්ණය නිපදවා, විශේෂ කාර්ය බලකායේ ගෝනාහේන, තලාව, දැනටගල්ල සහ කිරිඳිවැල කඳවුරුවල පහසුකම් සහ යටි පහසුකම් උසස් පහසුකම් සඳහා නංවාලීම සඳහා රු. මිලියන 9,500 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාවය මා විසින් පසුගියදා සඳහන් කර ඇත. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා. Nishan Neth News | November 12, 2026
බේරේ වැව තිරසර ලෙස සංවර්ධනය කිරීම සහ අවට භූමි භාවිතය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු විය කර, සංවර්ධන සැලැස්මක් සකස් කිරීමත්, එතෙක් දැනට හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් රු. මිලියන 900 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
හැමිල්ටන් ඇළෙහි කොටසක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ද කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව සහ මොල්ලිගොඩ බිඳුණු ඇළ ව්‍යාපෘතිය, දික්වැල්ල, බේරුවල සහ රත්ගම වැසි ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම ව්‍යාපෘති 2027 වසරේ ආරම්භ කරනවා. Nishan Neth News | November 12, 2026
2015 – 19 වසර වල ආරම්භ කරන ලද රු. 20,000, රු. 40,000 වැනි කුඩා මූල්‍ය ආධාර මත ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අතරමග අඩාලවීම හේතු කොටගෙන එම නිවාසවල හිමිකරුවන් විශාල දුෂ්කරතාවට පත් වී ඇත. අඩක් නිම කර ඇති නිවාසවල ඉතිරි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය ප්‍රීන් ප්‍රතිලාභ වෙත රු. ලක්ෂ 5 දක්වා මූල්‍ය ආධාර සඳහා රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
දිට්වා නිවාස ව්‍යපෘතිය යටතේ නිවාස සඳහා රු. මිලියන 90,000 ක් පරිපූරක ඇස්තමේන්තුව ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. Nishan Neth News | November 12, 2026
පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා යාපනය, මන්නාරම, මුලතිව්, වවුනියා, නාගදීපය, වාලච්චේන, කෝට්ටේ, ඇතුළු නව ව්‍යාපෘති 13 ක් ආරම්භ කිරීම සඳහා රු. මිලියන 5,190 ක් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026