Nishan Neth News

රට රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

විදෙස් රටක රැකියා ලබා දෙන බවට පවසා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් වංචා කළ පානදුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදීයි. ඒ, අනුව සැකකාරිය අළුබෝමුල්ල පොලිස් වසමේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. ඇය 41 වන වියේ පසු වනවා. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන … රට රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට දිවයිනෙන් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කළ සිද්ධියකට අදාළවයි ඔහු එලෙස අත්අඩංගුවට ගෙන … ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් අත්අඩංගුවට

කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දින අද

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි නෝර්ත් සවුන්ඩ්ස්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. ඊයේ තරඟය නතර කරන විට ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට වඩා තවත් ලකුණු 37ක් ඉදිරියෙන් සිටියා. මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමිනුයි සිටින්නේ. ඊයේ තරගය … කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දින අද

මිලියන 5800 ක වැට් බදු මුදල්, වහාම ගෙවා අවසන් කරන්නැයි මෙන්ඩිස්ට නියෝග

ගෙවීම පැහැර හැර තිබෙන බව කියන රුපියල් මිලියන 5800 ක වැට් බදු මුදල්, කිසිදු නිදහසට කරුණක් නොකියා වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන්ට නියෝග කළා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවරූ මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, එහි විත්තිකරුවකු වන අදාළ සමාගමේ … මිලියන 5800 ක වැට් බදු මුදල්, වහාම ගෙවා අවසන් කරන්නැයි මෙන්ඩිස්ට නියෝග

දේශීය කර්මාන්තකරුවන්ට ජනපතිගෙන් සහතිකයක්

දේශීය කර්මාන්තකරුවන් ශක්තිමත් කර ඔවුන්ව අපනයන වෙළෙඳපොළට යොමු කිරීම හරහා රටේ ඩොලර් ආදායම ඉහළ නැංවීම රජයේ ප්‍රධානතම ඉලක්කය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රබර් සහ තේ නිෂ්පාදන සහ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් පිරිසක් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදීමයි. ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වුණේ තමන්ගේ … දේශීය කර්මාන්තකරුවන්ට ජනපතිගෙන් සහතිකයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වුණේ. … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

දියතලාවේදි ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අද අලුයම එකට පමණ දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පෙරළී යාමෙන් පුද්ගලයින් හතලිස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි එම අනතුර සිදුවූ ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර පැවසුවේ. බස්රථය පෙරළී යාම හේතුවෙන් එම ස්ථානයෙන් උඩරට … දියතලාවේදි ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කරමින්, T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයක්

අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කරමින්, T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමඟ පැවති මුල්වටයේ තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත්තා. එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර පැවති මෙම තරගය ඉතා උණුසුම් එකක් වූ අතර අවසානයේදී ශ්‍රී ලංකාවේ ජයගත්තේ කඩුලු තුනකින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 151ක් රැස් කර ගත්තා. … අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ජීවමාන කරමින්, T20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයක්

කෝඩුකාර අයර්ලන්තය හමුවේ ඉන්දියාවේ බල බිඳෙයි – අයර්ලන්තයට ලකුණු 34ක ජයක්

T20 ලෝක ශූර ඉන්දියාව පරදා පෙරලිකාර ජයග්‍රහණයක් හිමිකර ගැනීමට අයර්ලන්තය සමත් වුණා. ඉන්දියාවට එරෙහිව අයර්ලන්තය ලැබූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ජයග්‍රහණයද මෙයයි. අයර්ලන්තයේ බෙල්ෆර්ස්ට් හිදී ඔවුන් මෙම පෙරළිකාර ජයග්‍රහණය හිමිකර ගත්තා. තරගයේ පළමුවෙන්  පන්දුවට  පහර දුන්නේ අයර්ලන්ත කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 182ක් රැස් කරගත්තා. එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිතිකරුවන්ට … කෝඩුකාර අයර්ලන්තය හමුවේ ඉන්දියාවේ බල බිඳෙයි – අයර්ලන්තයට ලකුණු 34ක ජයක්