Nishan Neth News

ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව්වන්ට

  ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 217කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා . ඒ, ඇන්ටිගුවා හි නෝර්ත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ 4 වන දිනයේදීයි. ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු 308ට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී තම පළමු ඉනිම අත්හිටුවීමට … ශ්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ ජය කොදෙව්වන්ට

අමෙරිකාවෙන් ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර – ඉරානයත් පෙරළා පහර දෙයි

​හොර්මුස් සමුද්‍ර සන්ධියේදී පැනමා රාජ්‍යයට අයත් වාණිජ නෞකාවකට එල්ල කෙරුනු ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු හමුදාව විසින් ඉරාන ඉලක්ක කිහිපයකට ප්‍රබල ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඇමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය පවසන්නේ ඉරානය විසින් දිගින් දිගටම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ගමන් කරන වාණිජ නෞකාවලට බාධා කිරීම නිසා මෙම පියවර ගත් බවයි. ​මේ අතර ඇමරිකානු ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස … අමෙරිකාවෙන් ඉරානයට දරුණු ගුවන් ප්‍රහාර – ඉරානයත් පෙරළා පහර දෙයි

ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයක් ගැන අනාවරණයක්

ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡා සිදුවෙමින් පවතින පසුබිමක, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසර මුලදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කළේය. ඉන්දීය පුවත් සේවාවක් වන IANS වෙත සෙනසුරාදා විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු කියා සිටියේ, ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට අවශ්‍ය පසුබිම … ට්‍රම්ප්ගේ ඉන්දීය සංචාරයක් ගැන අනාවරණයක්

වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ සිව් වන දිනය අද

  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි. ඊයේ දිනයේ තරගය නතර කරන සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15ක්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා … වාර්තා අලුත් කළ ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගයේ සිව් වන දිනය අද

T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට?

ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි පරිදි T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කිරීමට අයර්ලන්ත ක්‍රිඩිකාවන් සමත් වුණා. ශ්‍රී ලංකාවේද වැඩි දෙනෙක් මෙම ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටියේ මෙවර T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඊයේ තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අයර්ලන්තය හමුවේ පරාජය … T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට?

දියතලාවේ අනතුරට හේතුව තිරිංග දෝෂයක් දැයි සැක – දැකපු අය සියල්ල හෙළි කරයි

දියතලාවේ දුම්රිය ස්ථානය ආසන්නයේදි අද අළුයම ලංගම බස් රථයක් පෙරළිමෙන් තුවාල ලැබූ 43 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඔවුන් සියළු දෙනා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව මූලික රෝහල වෙතයි. ඉන් අනතුරුව බරපතල තත්ත්වයේ පසු වූ කිහිප දෙනෙකු බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරු කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් … දියතලාවේ අනතුරට හේතුව තිරිංග දෝෂයක් දැයි සැක – දැකපු අය සියල්ල හෙළි කරයි

දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර පොසොන් පුරපසලොස්වක පොහොය නිමිතිකර ගෙන පවත්වනු ලබන දන්සැල්වලදි වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව දිවයිනේ පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පරිසරය ආරක්‍ෂා වන අයුරින් දන්සැල් පවත්වන ලෙසයි එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ. දන්සැල් පැවැත්වීමේදි ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් … දන්සැල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්

ජනපති ලේකම් කාර්යාලයේ ලොක්කෙකුත් පාතාලය සමග ඩීල් එකක

ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරගෙන යනු ලබන විමර්ශනයකට අදාළවයි. සංවිධානාත්මක අපරාධකරුවෙකුට දිවයිනෙන් පලායෑම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කළ සිද්ධියකට අදාළවයි ඔහු එලෙස අත්අඩංගුවට ගෙන … ජනපති ලේකම් කාර්යාලයේ ලොක්කෙකුත් පාතාලය සමග ඩීල් එකක

පොසොන් පොහොය වෙනුවෙන් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ වැඩසටහන් රැසක්

තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී සරණිය මෙවරත් පැවැත්වුණා. එය මෙවර සංවිධාන කර තිබුණේ තෙවන වරටයි. තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කළ්‍යාණි ගොඩකන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය ඊයේ දිනයේ පැවැත්වුණේ කලාප කාර්යාල පරිශ්‍රයේදියි. ඊට අධ්‍යක්‍ෂවරුන්, එම කලාපයට අයත් පාසල්වල විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පොසොන් බැති ගී සරණියට සමගාමීව කඩල … පොසොන් පොහොය වෙනුවෙන් තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ වැඩසටහන් රැසක්