Nishan Neth News

සලේ රදවා සිටි සිර කුටිය මානව හිමිකම් කොමිසමේ නිරීක්‍ෂණයට – දැකපු දේවලුත් හෙළි කරයි

රැඳවුම් නියෝග යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා විවිධ වධ හිංසනයන්ට ලක්කර ඇති බවට ලැබුණු පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අද දිනයේත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවයි. … සලේ රදවා සිටි සිර කුටිය මානව හිමිකම් කොමිසමේ නිරීක්‍ෂණයට – දැකපු දේවලුත් හෙළි කරයි

යෝෂිත අභියාචනාධිකරණයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වනවිට අභියාචනාධිකරණයට පැමිණ සිටිනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ”‍කුමන්ත්‍රණය”‍ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගයට සහභාගී වීම සඳහා ඔහු අභියාචනාධිකරණයට එලෙස පැමිණ ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු … යෝෂිත අභියාචනාධිකරණයට

චීනයේ තවත් ව්‍යාපෘතියක් ගැන බටහිර බුද්ධි අංශවලින් අනාවරණයක්

චීනය විසින් දේශගුණික පර්යේෂණ මුවාවෙන් දියත් කර ඇති දැවැන්ත සාගර පතුල සිතියම්ගත කිරීමේ ව්‍යාපෘතිය, සැබවින්ම සබ්මැරීන යුද්ධ සඳහා දිය යට සටන් බිම සූදානම් කිරීමේ මිලිටරිමය මෙහෙයුමක් බව බටහිර බුද්ධි අංශ සහ නාවික විශේෂඥයෝ පෙන්වා දෙති. මෙම මෙහෙයුමේ ප්‍රධාන කරුණු 3ක් ද ඔවුන් හඳුනා ගෙන ඇත සිවිල්-හමුදා ඒකාබද්ධතාව: චීන ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිවිල් පර්යේෂණ ආයතන සහ … චීනයේ තවත් ව්‍යාපෘතියක් ගැන බටහිර බුද්ධි අංශවලින් අනාවරණයක්

චෝදනා පිට චෝදනා එන වධ හිංසා ගැන ආණ්ඩුව උත්තර බදී

වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් වත්මන් රජය පැහැදිලිවම ”ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යවස්ථාදායක, පරිපාලනමය සහ ආයතනික පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති අතර, ඒවායේ ප්‍රගතිය අඛණ්ඩව ඉදිරියට යමින් පවතින බවද ඔහු කියා සිටියා. මෙරට සංචාරයක … චෝදනා පිට චෝදනා එන වධ හිංසා ගැන ආණ්ඩුව උත්තර බදී

කිරිදිවැල ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට

කිරිඳිවැල, කොස්ගම, වීරඹුගෙදර, නාරම්මල, පොල්ගහවෙල, පාදුක්ක, කටුනායක හා මිනුවන්ගොඩ යන පොලිස් වසම්වල සිදු කරන ලද රන්මාල කොල්ලකෑම් ඇතුළු දේපල සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුවැල්ලේගම ප්‍රදේශයේදීයි. ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 210ක් සමඟයි. වයස අවුරුදු 39ක් වන සැකකරු මීරිගම, කිතුල්වල ඉහල … කිරිදිවැල ඇතුළු ප්‍රදේශ රැසක රන්මාල කොල්ලකෑ සැකකරුවෙකු අත්අඩංගුවට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ ස්ථාවර සාමාජිකත්වයට ස්ලෝවැකියාවේ සහය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මධ්‍යම යුරෝපා රාජ්‍යයක් වන ස්ලෝවැකියාවේ සිදුකළ ඓතිහාසික සංචාරය අතරතුර, දෙරට අතර සබඳතා ‘සමස්ත සාධක සහයෝගීතාවක්’ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙහිදී ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයක ස්ථාවර සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පූර්ණ සහය පළ කිරීමට ද ස්ලෝවැකියාව එකඟ වී ඇත. පසුගිය සඳුදා අග්‍රාමාත්‍ය … එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ ස්ථාවර සාමාජිකත්වයට ස්ලෝවැකියාවේ සහය

අමෙරිකාවේ බෝම්බ හෙළන යානයක් කඩා වැටේ

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බී 52 වර්ගයේ බෝම්බ හෙළන යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. දකුණු කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වූ එම යානය මද වේලාවකින් කඩා වැටී ඇති බවයි කර්නල් ජේම්ස් හේස් පවසන්නේ. බී 52 වර්ගයේ එම යානය එඩ්වර්ඩ්ස් කඳවුරේ රේඩාර් නවීකරණ වැඩසටහනට සහාය වෙමින් සිටියදි එලෙස අනතුරට … අමෙරිකාවේ බෝම්බ හෙළන යානයක් කඩා වැටේ

සාපෙළ ප්‍රතිඵල ගැන විභාග කොමසාරිස් ජනරාල්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරි ජනරාල්වරිය සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වන බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කළද නියමිත කාලසීමාවට ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ ස්ථාවර සාමාජිකත්වයට ස්ලෝවැකියාවේ සහය

  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මධ්‍යම යුරෝපා රාජ්‍යයක් වන ස්ලෝවැකියාවේ සිදුකළ ඓතිහාසික සංචාරය අතරතුර, දෙරට අතර සබඳතා ‘සමස්ත සාධක සහයෝගීතාවක්’ දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. මෙහිදී ප්‍රතිසංස්කරණය කරන ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයක ස්ථාවර සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ඉන්දියාව ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පූර්ණ සහය පළ කිරීමට ද ස්ලෝවැකියාව එකඟ වී ඇත. පසුගිය සඳුදා … එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඉන්දියාවේ ස්ථාවර සාමාජිකත්වයට ස්ලෝවැකියාවේ සහය