Nishan Neth News

නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ විදේශිකයන් පස් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් අසූ තුන් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”‍ හරිත මාවත ”‍ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. … නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ විදේශිකයන් පස් දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට

2009 වසරේ සිට මේ දක්වා කාලසීමාවේදී ගල් අඟු‍රු ආනයනයේදී සිදු වු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිලධාරීන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. එහිදී සිදුකළ ස්ථානීය පරීක්ෂාවේදී ගල් අඟු‍රු ගොඩබෑමේ සිට ගල් අඟු‍රු මගින් විදුලිය ජනනය කරන තෙක් වන සම්පූර්ණ ක්‍රියාවලිය ඔවුන් විසින් නිරීක්ෂණය කළ බවයි ජනාධිපති … ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට

රෙදිපිළි අළෙවි සැලක ඉහළ මහළයක තිබී අඹුසැමි යුවළකගේ මළසිරුරු සොයා ගැනේ

බුලත්සිංහල, ඈගල්ඔය පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලක ඉහල මාලයේ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. ඒ පොලිසියට ලද තොරතුරක්මත සිදුකල විමර්ශනයකදීයි. දින තුනක පමන සිට ඔවුන් පදිංචිව සිටි නිවසේ විදුලි පහන් දල්වා දොර වසා තිබු බැවින් අවට පිරිස් ඒ පිලිබඳ බුලත්සිංහල පොලිසියට දැනුම්දී තිබෙනවා. ඒ අනුව පොලිසිය පැමිණ සිදුකල සෝදිසියකදී මළසිරුරු දෙක … රෙදිපිළි අළෙවි සැලක ඉහළ මහළයක තිබී අඹුසැමි යුවළකගේ මළසිරුරු සොයා ගැනේ

අමෙරිකා – ඉරාන ගිවිසුම් දෙදරවමින් ඊශ්‍රායලයෙන් යළිත් ප්‍රහාරයක්

අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීම සදහා අත්සන් තැබුණු මුලික අවබෝධතාවයෙන් පසුවත් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර තවදුරටත් ප්‍රහාර සිදුව තිබෙනවා. පළමුව දකුණු ලෙබනනය වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එයින් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා … අමෙරිකා – ඉරාන ගිවිසුම් දෙදරවමින් ඊශ්‍රායලයෙන් යළිත් ප්‍රහාරයක්

ඩෙංගු රෝගීන් 42,000 ඉක්මවයි – රෝහල් රැසක සීමාව පනී

දිවයින පුරා වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 42,000 ඉක්මවා ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවේ රෝගය මර්දනය කිරීම සදහා සතියක් පුරා ක්‍රියාත්මක වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති බවයි. රෝගය සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල රෝගී ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බව වෛද්‍ය කපිල කන්නංගර … ඩෙංගු රෝගීන් 42,000 ඉක්මවයි – රෝහල් රැසක සීමාව පනී

දරුණු යුද ගැටුම් මැද ඉරාන පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන පිටියට

රට දරුණු යුධ ගැටුම් සහ රාජ්‍යතාන්ත්‍රික දේශපාලන වියවුල්වල පැටලී සිටියදී, ඉරාන පාපන්දු කණ්ඩායම අද ලෝක කුසලාන පාපන්දු පිටියේදී නවසීලන්තය සමඟ තරග වැදුණා. මෙය යුධ ගැටුම් පිළිබඳ සහ රාජ්‍යතාන්ත්‍රික දේශපාලන වියවුල් ගැන තිබූ දැඩි පීඩනය පසෙක දැමූ, සැබෑ ක්‍රීඩාශීලී අත්දැකීමක් ලෙසයි විචාරකයන් හඳුන්වන්නේ. අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී මෙම තරගය පැවුත්වුණා. එහිදී දෙවතාවක්ම පසුපසින් සිටියත් අත්නොහළ ක්‍රීඩාව … දරුණු යුද ගැටුම් මැද ඉරාන පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන පිටියට

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03 වනදා

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ”කුමන්ත්‍රණය” නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ … යෝෂිතගේ පෙත්සමේ නියෝගය ජූලි 03 වනදා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධ්‍ය … හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන අයට රතු එළියක්

මෙම වර්ෂය සඳහා වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය ලබන 30 වනදායින් අවසන් වනවා. ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් එදිනට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත හඳුන්වා … වත්කම් බැරකම් ප්‍රකාශ නොදෙන අයට රතු එළියක්