Nishan Neth News

JICA ප්‍රදානයක් ලෙස ලැබුණු, නිරවද්‍ය දැනුමෙන් ඉහළ කාලගුණ පුරෝගාමිත්වය සඳහා නවීන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපනය කිරීම 2027 වසරේ ආරම්භ කරනවා.

පලමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යයෙන් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යයෙන් ද දැරීමට යෝජනා කරනවා.

ද්විත්ව පුරවැසි ඉල්ලුම් කරන ඉල්ලුම්කරුගේ කලත්රයා, දුභාවය ලෙස තුන්වන පරම්පරාවේ දරුවන්ට කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට අප යෝජනා කරනවා.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දුවාදරුවන්ගේ දැනුම හා හැකියාවද මව්බිමට තිබේ බැඳීම රටේ අනාගත සංවර්ධන ගමනට සම්බන්ධ කර ගැනීම සඳහා අප නව ප්‍රවේශයක් ගත යුතුය. ඒ අනුව, ශ්‍රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්‍රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් ” ගෝලීය ශ්‍රී ලාංකික උරුම පුරවැසි ” වැඩසටහනක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා.

වකුගඩු රෝගීන් සඳහා දීමනාව රු. 10,000 සිට රුපියල් 12,500 දක්වා වැඩිකිරීම

විදේශ ගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50 දක්වා ඉහළ සහන සහිත නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ, රු ලක්ෂ 30 ක් දක්වා 10% ක පොලී සහනාධාරයක් ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5% ක පොළි සහනාධාරයක් ලබා දීමට කටයුතු කරනවා.

අවදානමට ලක් වූ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ මානසික යහ පැවැත්ම තහවුරු කිරීම අරමුණු කර ගත් පවුල කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් හරහා දරුවන්ගේ පරිපූර්ණ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් රු මිලියන 182 ක් වෙන් කර ඇත. අවදානමට සහ ආපදාවන්ට ගොදුරු වූ දෙමාපියන් අහිමි දරුවන් කේන්ද්‍ර කරගත් විකල්ප රැකවරණ ව්යුහයක් සඳහා රු. මිලියන 102 ක් වෙන් කර ඇත. 04:26 PM

ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන රාජ්‍ය ආයතනය ආබාධිතතා අන්තර්කරණ කේන්ද්‍රස්ථානයක් (ආබාධිත ඇතුළත් කිරීම් නාභීය ලක්ෂ්‍යය) ස්ථාපනය කරනවා.

දිළිඳුකම තුරන් කිරීම සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරමින්, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ, පවතින ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 25,000 ක් වෙන් කර තිබේ. ආශ්‍රිත සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ සපයන ව්‍යාපෘති සහය සවිබල ගැන්වීම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, විභවතාවය සහිත, සුදුසුකම් සහිත පවුල් ක්‍රමානුකූලව සවි කිරීම බලගැන්වීමේ වැඩසටහන සඳහා රු. මිලියන 4,500 ක් වෙන් කර තිබේ.