Nishan Neth News

පාසල් දැරියක් බේරා ගන්න මුහුදට පැන්න ගුරුවරයෙකු ජීවිතක්ෂයට

කිරින්ද මුහුදේ දියනාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය පුද්ගලයෙකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටියදී මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඊයේ දහවල් බඩල්කුඹුර ප්‍රදේශයේ පාසලක සිසුන් හා ගුරුවරුන් පිරිසක් කිරින්ද මුහුදේ දියනාමින් සිට ඇති බවයි. දියවැලකට හසුව ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ගසාගෙන යනුදුටු එම ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් එම පිරිස බේරාගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ එම පිරිස … පාසල් දැරියක් බේරා ගන්න මුහුදට පැන්න ගුරුවරයෙකු ජීවිතක්ෂයට

රාජිතගේ ඉල්ලීමකට අධිකරණය දුන් නියෝගය

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇපමතව මුදාහැර සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. රාජිත සේනරත්න මහතාගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී සැකකරුගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයාට … රාජිතගේ ඉල්ලීමකට අධිකරණය දුන් නියෝගය

කෝටි අටක කුෂ් දිවයිනට රැගෙන ආ මුදල් අයකැමිවරයෙක් අත්අඩංගුවට

රුපියල් අට කෝටි තිස් හය ලක්ෂ පනස් දහසක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ‘ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ … කෝටි අටක කුෂ් දිවයිනට රැගෙන ආ මුදල් අයකැමිවරයෙක් අත්අඩංගුවට

ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා

ගොවි ජනතාවගේ ප්‍රශ්න භාවිත කරමින් බලයට ආ වත්මන් ආණ්ඩුව මේ වනවිට ගොවි ජනතාව අමතක කර ඇතැයි ජාතික ගොවි සමුළුව පවසනවා. ඒ අනුව ගොවි ජනතාවගේ ගැටළු විසදීම පසෙකලා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවයි ජාතික ගොවි සමුළුවේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක ඩබ්ලිව් ඒ චමින්ද මහතා පැවසුවේ. වලව මහවැලි ගොවි කලාපයේ ගොවීන්ගේ ඉඩම් ගැටළුවලට … ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා

පැය 12ක ජල කප්පාදුවක්

මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට රාත්‍රි හතේ සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපාවහන මණ්ඩලය පවසනවා. ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට හෙට රාත්‍රී හතේ සිට අනිද්දා පෙරවරු 07.00 දක්වා … පැය 12ක ජල කප්පාදුවක්

බිළිදියක් අළෙවි කිරීමට තැත් කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

දින 19 ක් වයසැති බිළිදෙකු රුපියල් ලක්ෂයක මුදලට අළෙවි කිරීමට සුදානම් වූ පුද්ගලයින් 06 දෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් ආණමඩුව – ආඩිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. එම බිළිදව රැගෙන ඒම සදහා යොදාගත් බව කියන වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බිළිදාගේ මව, ඇයගේ … බිළිදියක් අළෙවි කිරීමට තැත් කළ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

කුඩු දුමින්ද කළ අපරාධ වමාරයි – යොදාගත් භාණ්ඩත් තැන තැනින් සොයා ගනී

ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන හා වනාතේ දුමින්ද නොහොත් කුඩු දුමින්ද නමැත්තා හෙළි කළ තොරතුරුවලට අනුව ගිනි දෙකක් සහ ජීව උණ්ඩ සෙයාගෙන තිබෙනවා. බොරැල්ල සරණපාල හිමි මාවතේ පාලු නිවසක මුළුතැන්ගෙයි වළ දමා තිබියදී මේවා සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ආරක්‍ෂක වාර්තාකරු පැවසුවේ. ඉකුත් වසරේ අගෝස්තු මස 7 වනදා හෝ ආසන්න දිනකදි බොරැල්ලේ ක්‍රීඩාංගණයක සැරසිලි කරමින් … කුඩු දුමින්ද කළ අපරාධ වමාරයි – යොදාගත් භාණ්ඩත් තැන තැනින් සොයා ගනී

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීම ආර්ථික විද්වතුන් දකින හැටි

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. ඒ අනුව සියයට 8 යි දශම 7 යි 5ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ. ඒ, ඊයේ පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදීයි. දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ … එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ දැමීම ආර්ථික විද්වතුන් දකින හැටි

හිටපු නියෝජ්‍ය ඇමති සරණගේ නඩුවල තීන්දු කල් යයි

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා මෙම නියෝගය නිකුත් කළේ අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදීයි. අල්ලස් කොමිසම … හිටපු නියෝජ්‍ය ඇමති සරණගේ නඩුවල තීන්දු කල් යයි