Nishan Neth News

ලක්ෂයක වැටුපකට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොස් මල්ලීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ලැබෙන ඇමතුම් අනුව විවිධ ස්ථානවල ((location) මත්ද්‍රව්‍ය තොග තබා බෙදා හරින පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය විසින්. එම සැකකරු සමඟ හොරොයින් ග්‍රෑම් 906 ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 210 ක් හා ජාවාරමට යොදා ගත් ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ප්‍රධාන පෙළේ … ලක්ෂයක වැටුපකට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කොස් මල්ලීගේ ගෝලයෙක් අත්අඩංගුවට

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ට යතුරු පැදි සමග වැටුප් වැඩිවීමක්

ඉදිරියේ දී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ට සිය සේවා කටයුකු සදහා යතුරු පැදි ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.   ලබන ජනවාරි මාසයේ නියමිත වැටුප් වැඩිවීම ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැති පරිපාලන පවුල් … පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ට යතුරු පැදි සමග වැටුප් වැඩිවීමක්

හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමෙරිකානු හමුදාවෙන් ප්‍රහාර

සටන්විරාමයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතරතුර සහ යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක් තුල ඇමෙරිකානු හමුදාව විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ හමුදා යාත්‍රා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා. ඇමෙරිකානු මධ්‍යම අණදෙන බලකාය පවසන්නේ මෙය ”ස්වයං ආරක්ෂාව උදෙසා” සිදු කරන ලද ප්‍රහාර මාලාවක් … හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇමෙරිකානු හමුදාවෙන් ප්‍රහාර

වෙසක් සතිය අද සිට

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 රාජ්‍ය වෙසක් උත්සවය මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් අදින් ආරම්භ වනවා. රාජ්‍ය වෙසක් උත්සවයේ ප්‍රධාන වැඩසටහන මාතර – තිහගොඩ මිදෙල්ලවල පුරාණ මහා විහාරස්ථානයේ දී අද පැවැත්වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර ජාතික වෙසක් උත්සවයට සමගාමීව අද සිට වෙසක් සතිය ක්‍රියාත්මක කෙරෙන අතර එම කාලය තුළ ”සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්” තේමාව යටතේ … වෙසක් සතිය අද සිට

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇත්තටම සල්ලි නැද්ද?

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පවතින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.   කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පළ වූ තවත් අදහස් පහතින්

ශිරාන් බාසික් සහ ඇල්ටෝ ධර්මේ අත්අඩංගුවට?

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස සැලකෙන ශිරාන් බාසික් සහ මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාකරුවෙකු  වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා පළ වනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම් දීමක් සිදුකර නොමැති බවයි පොලිසිය පවසන්නේ.  

වෙසක් පිංකම් 48 ක් එකම පාසලක

උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් දඹුල්ල ගම්උදාව වීර මොහාන් ජය මහා විදුහලේ පන්ති හතළිස් අටක පිංකම් හතළිස් අටක් අද (26) දින දවස පුරා සිදුකර තිබෙනවා. ඒ අනුව මහා සංඝයා වහන්සේලා 48 නමක් හේවිසි හොරණෑ ශබ්ද පූජා මධ්‍යයේ සහ සාධුකාර මධ්‍යයේ වීර මොහාන් ජයමහා විදුහලට වැඩම කරවා සෑම පන්තියකම ආගමික වතාවත් සිදු කිරීම විශේෂත්වයක්. වැඩම කරන්නට යෙදුනු … වෙසක් පිංකම් 48 ක් එකම පාසලක

හිටපු ඇමති මනුෂගෙන් අධිකරණයට ඉල්ලීමක්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද එම කොමිසමේ නිලධාරීන්ට නියම කළා. සැකකාර මනූෂ නානායක්කාර මහතා විසින් කළ එම ඉල්ලීම කොළඹ ප්‍රධාන … හිටපු ඇමති මනුෂගෙන් අධිකරණයට ඉල්ලීමක්

ආදිවාසී ජනතාවට අයත් ඉඩම් ඔවුන් වෙත ලබා දෙන බවට මහවැලි අධිකාරියෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්

රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අභියාචනාධිකරණයට අද දැනුම් දුන්නා. සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක් කරමින් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම … ආදිවාසී ජනතාවට අයත් ඉඩම් ඔවුන් වෙත ලබා දෙන බවට මහවැලි අධිකාරියෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමක්