Nishan Neth News

ලීසිං සීමාව නිසා වාහන මිලත් වෙනස් වෙයිද? නෙත් නිවුස් කළ විමසුමක්

ලීසිං පහසුකම් සදහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද නව රෙගුලාසි වාහන මිල මත බලපෑමක් ඇති කරනු ඇද්දැයි නෙත් නිවුස් විමසා බැලීමක් කළා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය එහිදී කියාසිටියේ මෙම රෙගුලාසි නිසා වාහන මිල වෙනස් නොවනු ඇති බවයි එහෙත් පවතින වෙනත් තත්ත්වයන් මත වාහන මිල වෙනස් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා. මේ අතර … ලීසිං සීමාව නිසා වාහන මිලත් වෙනස් වෙයිද? නෙත් නිවුස් කළ විමසුමක්

විමල් අත්අඩංගුවට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට නොබෝ වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, තලංගම පොලීසිය විසින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි. අද දිනයේ ප්‍රකාශයක් ලබාදීම සදහා එම පොලිස් ස්ථානයේ පෙනි සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණා. ඒ අනුව විමල් වීරවංශ මහතා අද පෙරවරු 10ට තලංගම පොලිසියට පැමිණි බවයි එහි සිටින … විමල් අත්අඩංගුවට

විමල් තලංගම පොලීසියට

ප්‍රකාශයක් ලබාදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා තලංගම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. ඒ, පොලිසිය විසින් ඔහුට මීට පෙර කරන ලද දැනුම් දීමක් මතයි. රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට විමල් වීරවංශ මහතා එලෙස පොලිසිය වෙත කැදවා තිබෙනවා. මේ වනවිටත් පොලිසිය විසින් ඔහුගෙන් … විමල් තලංගම පොලීසියට

විද්‍යා ඝාතනයට මරණ දඩුවම නියමූ පුද්ගලයෙකු බන්ධනාගාරයේදී සියදිවි හානි කර ගනී

සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි පුද්ගලයෙකු යාපනය බන්ධනාගාරයේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 46වන වියේ පසුවූ පූබාලසිංහම් ජෙයකුමාර් නමැත්තෙක්. ඔහු විසින්ම දිවි හානිකරගෙන ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මහත් ආන්දෝලනයකට ලක්වූ විද්‍යා ඝාතනය සිදුවූයේ ඉකුත් 2015 වසරේදීයි. ඒ පිළිබද නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ … විද්‍යා ඝාතනයට මරණ දඩුවම නියමූ පුද්ගලයෙකු බන්ධනාගාරයේදී සියදිවි හානි කර ගනී

ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට පහරදුන් සැකකරු සොයා පොලිස් මෙහෙයුමක්

දර්ගා නගරයේ ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට පහරදුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා අලුත්ගම පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙනවා. අදාළ පහරදීමෙන් තුවාල ලැබූ ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථානයේ හිමිකරු බේරුවල ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පහරදුන් පුද්ගලයා මීට පෙර සිය ජංගම දුරකථනයක් අළුත් වැඩියා කිරීම සදහා එම හිමිකරුට භාරදී … ජංගම දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක හිමිකරුට පහරදුන් සැකකරු සොයා පොලිස් මෙහෙයුමක්

දුම්වැටි තොගයක් හොර පාරෙන් රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු අල්ලාගත් මෙහෙයුම

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්. රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා දුම්වැටි තොගයක් එලෙස දිවයිනට රැගෙනවිත් ඇත්තේ චීන ජාතිකයින් තිදෙනෙක්. ඔවුන් … දුම්වැටි තොගයක් හොර පාරෙන් රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු අල්ලාගත් මෙහෙයුම

මෙරට සිදුවන මරණවලින් සියයට 34කට අධි රුධිර පීඩනය හේතුවන බවට අනාවරණයක්

මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන්ම එක් අයෙකුට අධි රුධිර පීඩනය පවතින බව ඔබ දන්නවද? මෙරට සිදුවන මරණවලින් සියයට 34කට පමණ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝග හේතුවන බව ඔබ දැන සිටියාද? කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා ඔබ මරණය කරා රැගෙන යන ඒ නිහඩ මාරයා ගැනයි මේ අනාවරණය

යළි වෙනස් වන කාලගුණය

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක … යළි වෙනස් වන කාලගුණය

දසුන් ශානකගේ සුපිරි ඉනිම නිසා සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් IPL Play Off වටයට

ශ්‍රී ලාංකික ක්‍රීඩක දසුන් ශානකගේ වේගවත් ඉනිමත්, ජොෆ්රා ආචර්ගේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම්ත් හේතුවෙන් IPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා. මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කරමිනුයි රාජස්ථාන් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේ. පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු … දසුන් ශානකගේ සුපිරි ඉනිම නිසා සංගක්කාරගේ රාජස්ථාන් රෝයල්ස් IPL Play Off වටයට