Nishan Neth News

කොදෙව් තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිත ප්‍රකාශයට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග සංචාරය සඳහා වන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් සංචිත නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින්. මෙම තරග සංචාරය ආරම්භ වීමට ඇත්තේ එක්දින තරගාවලියෙන්. ඉන් අනතුරුව විස්සයි තරගාවලියත්, අවසාන වශයෙන් ටෙස්ට් තරගාවලියත් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එක්දින කණ්ඩායමේ … කොදෙව් තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිත ප්‍රකාශයට

විමල් වීරවංශට ඇප

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටයි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. විමල් වීරවංශ මහතා අද (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියා. එහිදී තලංගම පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන … විමල් වීරවංශට ඇප

විමල් අත්අඩංගුවට ගනිද්දී බිරිද අධිකරණයට

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක වැඩි දුර සාක්ෂි විභාගය ජූලි මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එම … විමල් අත්අඩංගුවට ගනිද්දී බිරිද අධිකරණයට

ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්

ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම අද සිදු වුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් … ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලීසියට කැබ් රථ 134ක්

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සන්තකව සිටි විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ දුම්වැටි ළඟ තබාගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු එම විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබ තිබෙනවා. ඒ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක හදිසියේ සිදුකළ පරීක්ෂාවකදීයි. එහිදී එම විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා සන්තකයේ තිබී හෂීස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7,530 ක් සහ නීතී විරෝධී විදෙස් දුම්වැටි 40ක් සොයාගෙන තිබෙනවා. එම සිසුන් දෙදෙනා 23 හැවිරිදි … මත්ද්‍රව්‍ය සහ දුම්වැටි සන්තකව සිටි විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවකගෙන් අල්ලස් ගත් රජයේ නිලධාරියෙකු තවදුරටත් රිමාන්ඩ් 

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ කාන්තාවකට වන්දි ප්‍රදානය කිරීමේදී ඊට අදාළ කටයුතු කිරීම සඳහා ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ තහනමට ලක්ව සිටින ආපදා සහන සේවා නිලධාරියෙකු තවදුරටත් ජූනි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන … දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කාන්තාවකගෙන් අල්ලස් ගත් රජයේ නිලධාරියෙකු තවදුරටත් රිමාන්ඩ් 

වැස්ස වැඩි වෙන විදිය මෙන්න

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා නිරිත දිග මෝසම මේ වනවිට ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ.

අතුරුදන් වූ අනුරපුර දැරියගේ මව සොයාගත් හැටි

අතවරයට ලක්වූ බව කියන අනුරාධපුර දැරියගේ අතුරුදන් වූ බව කියූ මව සොයාගෙන තිබෙනවා. එම කාන්තාව සොයා ගනු ලැබුවේ ඇය පදිංචි ප්‍රදේශයට යාබදව සිටියදී බවයි පොලීසිය පැවසුවේ. ඇය අතුරුදන් බවට ඊයේ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදළ මවගේ ඥාතීන් ඊයේ පෙරවරු 9.00 පමණ මැදවච්චිය පොලිසියට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි. ඒ … අතුරුදන් වූ අනුරපුර දැරියගේ මව සොයාගත් හැටි

ඩොලරයේ මිල තවත් අඩුවෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද යළි ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326 ශත 01ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ. එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336 ශත 42ක් ලෙසයි. පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 342 ශත 63ක් සහ විකිණුම් මිල රුපියල් … ඩොලරයේ මිල තවත් අඩුවෙයි