Nishan Neth News

කැකිරාවේ පිපිරීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

කැකිරාව තානායම තුල පිපිරීමක් සිදුව තිබෙනවා. එහිදී පිළිස්සුම් තුවාල ලැබු සේවකයකු ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පිපිරීමෙන් තානායමේ ගෘහභාණ්ඩ හා එහි වහලයේ කොටසකට හානි සිදුව තිනෙවා. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. පි පිරීම සිදුවු ස්ථානය රස පරික්ෂකවරයාගේ පරික්ෂාවට ලක්කිරිමට නියමිත බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පොලිස් විශේෂ … කැකිරාවේ පිපිරීමක් – තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට

ජනාධිපති රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසා තිබෙනවා. එහිදී ඔවුන් සමග සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා, මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලු දෙනා කළ කැපවීම ද අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. අනතුරුව “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත … ජනාධිපති රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනයට

ශ්‍රී ලංකාව රණවිරුවන් සිහිකරද්දී තලපති විජෙයි ප්‍රභාකරන් සිහිකරයි – ආන්දෝලනාත්මක X සටහන් මෙන්න

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ඉකුත් දා දිවුරුම් දුන් ටී.වී.කේ. නායක සී. ජෝසෆ් විජෙයි නොහොත් තලපති විජෙයි මියගිය එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ගුණසැමරුමක් වෙනුවෙන් විශේෂ සටහනක් තබා තිබෙනවා. ඒ බව වාර්තා කරමින් NDTV ප්‍රවෘත්ති සේවය පවසන්නේ ප්‍රභාකරන්ගේ මරණය සිහිපත් කරමින්, විජෙයි සිය ‘එක්ස්’ (X) ගිණුමේ මෙම සටහන තබා ඇති බවයි. මුල්ලිවයික්කාල් ඛේදවාචකයේ මතකයන් තමන් සැමදා … ශ්‍රී ලංකාව රණවිරුවන් සිහිකරද්දී තලපති විජෙයි ප්‍රභාකරන් සිහිකරයි – ආන්දෝලනාත්මක X සටහන් මෙන්න

ජාතික රණවිරු සැමරුමට සියල්ල සූදානම්

ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී අද පස්වරුවේ පැවැත්වීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ 17 වන වරටයි. එම රණවිරු සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට ආරම්භවිමට නියමිත බවයි එම අවස්ථාව ආවරණය කිරීමට එහි ගොස් සිටින නෙත් නිවුස් මාණ්ඩලික … ජාතික රණවිරු සැමරුමට සියල්ල සූදානම්

කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේදී වැදගත් කරුණු රැසක් එළියට

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල … කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්‍ෂණයේදී වැදගත් කරුණු රැසක් එළියට

කළුබෝවිල ගින්නක්

කළුබෝවිල රෝහල ඉදිරිපිට මාර්ගයේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්විම සදහා මේ වනවිට ගිනි නිවීම් රථ එම ස්ථානයට කැදවා ඇති බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. විදුලි ජනන යන්ත්‍ර අළෙවි සැලක එම ගින්න හටගෙන ඇති බවද නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.

පැල්වත්තේදී වෑන් රථ දෙකක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටෙයි – දෙදෙනෙකු රෝහලේ

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ පැල්වත්ත ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා බුත්තල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ත්‍රීරෝද රථයක් සහ වෑන් රථ දෙකක් එකිනෙක ගැටී එම අනතුර සිදුව තිබෙනවා. එහිදී තුවාල ලබා ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක්. ඔවුන් වැල්ලවාය … පැල්වත්තේදී වෑන් රථ දෙකක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටෙයි – දෙදෙනෙකු රෝහලේ

කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් තුන්දෙනෙකු මරුට – වෙඩික්කරුවන් දෙදෙනෙකුත් සිය දිවි හානි කර ගනී

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියේගෝ නුවර ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයන් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන නව යොවුන් වියේ පසුවන තරුණයන් දෙදෙනෙකු ද පසුව වෙඩි තබාගෙන දිවි හානිකර ගෙන ඇති බවයි BBC ප්‍රවෘත්ති සේවය පවසන්නේ. BBC ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කරන පරිදී, මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ සැන් ඩියේගෝ හි පිහිටි … කැලිෆෝනියා ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් තුන්දෙනෙකු මරුට – වෙඩික්කරුවන් දෙදෙනෙකුත් සිය දිවි හානි කර ගනී

ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. ඒ අනුව අද පස්වරු 3.30 සිට කොළඹින් පිටවීම පොල්දූව හන්දියෙන් සහ කොළඹට ඇතුළුවීම කියෑම්හෑම් හන්දියෙන් රථ වාහන ගමනා ගමනය සීමා කිරීම හා අවස්ථානුකූලව විකල්ප මාර්ග හරහා රථ වාහන ධාවනය කරවීමට කටයුතු කරන බවයි … ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්