Nishan Neth News

නයින් ආච් බලන්න එන සංචාරකයින්ට විවිධ අපරාධ සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

ඇල්ල ප්‍රදේශයේ සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට විවිධ අපරාධ සිදු කල පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය පෙම්වතා සමග ඇල්ල, ආරුක්කු 9 පාලම නැරඹීම සදහා පිවිසෙන පාලු මාර්ගයේ ගමන් කරමින් සිටි 18 හැවිරිදි තරුණියක් පොලීසියෙන් යැයි පවසමින් රවටා කැළයට රැගෙන ගොස් දූෂණය කළ බවටයි එම එක් සැකකරුවෙකුට චෝදනා එල්ලවී තිබෙන්නේ. පසුගිය අප්‍රේල් … නයින් ආච් බලන්න එන සංචාරකයින්ට විවිධ අපරාධ සිදුකළ දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය වසරේ මෙරටින් බරවා රෝගීන් 68 ක් හදුනා ගැනේ – ඉන්දියානුවන් 34කුත් ඒ අතර

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 68ක් හඳුනා ගැනීමට හැකිවී ඇති බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ මහතා පවසනවා. ඉන්දියාවේ සිට රැකියා සඳහා මෙරටට පැමිණ පුද්ගලයින් 34 දෙනෙක්ද ඒ අතර වන බවයි ඔහු කියා සිටියේ. මෙම රෝගය විශේෂයෙන්ම හම්බන්තොට, ගාල්ල, මාතර, කලුතර, ගම්පහ, කොළඹ කුරුණෑගල ප්‍රධාන දිස්ත්‍රික්ක 7ක වැඩි වශයෙන් පවතින බව වෛද්‍ය ප්‍රසංග … පසුගිය වසරේ මෙරටින් බරවා රෝගීන් 68 ක් හදුනා ගැනේ – ඉන්දියානුවන් 34කුත් ඒ අතර

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අරන් එද්දි පොලිස් නිලධාරියෙකුට වුණ දේ

නවගමුව, පල්ලිය පාර සුරුවම අසලදි අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිදුකළ පිහි පරකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එම සැකකරුද රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ. සොරකමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම සැකකරුවන් දෙදෙනා යතුරු පැදි දෙකක නංවාගෙන් නවගමුව පොලිස් ස්ථානය වෙත රැගෙන එන අතරතුර එක් … අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අරන් එද්දි පොලිස් නිලධාරියෙකුට වුණ දේ

පුත්තලමේ පාසල් කිහිපයක් වැසේ

පුත්තලම අධ්‍යාපන කලාපයේ  පාසල් කිහිපයක් අද දිනයේ වසා දමා තිබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එලෙස පාසල් වසා දැමීමට පියවර ගත් බවයි පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අයි එම් ටී එන් ප්‍රසාද් මහතා පැවසූවේ. ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පුත්තලමේ පාසල් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් මෙන්ම මාර්ග බොහොමයක්ද ජලයෙන් යටවී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. මේ … පුත්තලමේ පාසල් කිහිපයක් වැසේ

ඉතාලි පොලීසියේ ඉහළම පුටුවකට ගිය අපේ භාග්‍යා

ඉතාලි පොලිස් ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරලමින්, එරට ප්‍රබලතම බලකායක් වන ‘කැරිබිනේරි‘ පොලිස් සේවයේ ඉහළ තනතුරකට ශ්‍රී ලාංකික තරුණියක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ පිළිබද විස්තර පහතින්.

කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුරු

ඌරගස්මංහන්දිය, රකිනාකන්ද ප්‍රදේශයේදී විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 74 ක් වූ කාන්තාවක් එලෙස ජිවිතක්‍ෂයට පත්ව ඇති බවයි. එම කාන්තාව අසල පිහිටි නිවසකට ගමන් කිරීමේදී ගසක් වැටීම හේතුවෙන් බිමට පතිතව තිබූ විදුලි රැහැනක පැටලී එලෙස විදුලිසැර වැදී ඇති බවයි පොලිස් විමර්ශනවලදි අනාවරණ වී ඇත්තේ. මේ අතර ගිරිඋල්ල, … කාන්තාවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ අනතුරු

ප්‍රධාන ජලාශ 18 ක් තවමත් වාන් දමයි

ඇදහැළෙන මහ වැසි හමුවේ වාන් දොරටු විවෘත කර ඇති ජලාශ ප්‍රමාණය තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද පෙරවරු 6 වන විට ප්‍රධාන ජලාශ 73න් 18 ක සහ මධ්‍ය පරිමාණ ජලාශ 18 කද වාන් දොරටු විවෘත කර ඇති බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එච් එම් ටී එස් ඩී හේරත් මහතා පැවසුවේ. ඒ අනුව … ප්‍රධාන ජලාශ 18 ක් තවමත් වාන් දමයි

කොළඹ අපරාධ කොට්ඨාසයට අරන් ගිය ගම්පහ ඔස්මන්ට දැන් කරන දේ

ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වූ සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත්කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සැකකරු පැය 72 ක් රදවාගෙන ප්‍රශ්න කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් … කොළඹ අපරාධ කොට්ඨාසයට අරන් ගිය ගම්පහ ඔස්මන්ට දැන් කරන දේ

බස්නාහිර ඇතුළු පළාත් 4කට අදත් තද වැසි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වලවනු ඇතැයි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් අද දිනයේද බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා … බස්නාහිර ඇතුළු පළාත් 4කට අදත් තද වැසි