Nishan Neth News

මහ වැස්සෙන් වූ බලපෑම

කිරිදිඔය පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට නිවාස 30ක් පමණ ජලයෙන් යටවී ඇති බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව වැල්ලවාය නගරය, වරුණගම, නුගේයාය ප්‍රදේශයවල නිවාස  එලෙස ජලයෙන් යට වී තිබෙනවා. එමෙන්ම අලිකොටආර ජලාශයේ වාන් දොරටු 03 ක් අඩි 02 බැගින් විවෘත කර ඇති බවද ආපදා කළමනාකාර මධ්‍යස්ථානය පැවසුවා. මේ අතර දිවයිනේ බොහෝ … මහ වැස්සෙන් වූ බලපෑම

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනය ගැන දැනුම්දිමක්

2025-2026 වෙනුවෙන් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා සමය  ලබන 31 වනදා එනම් වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නා හිමියන් පවසනවා. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන නිලධාරීන්  දැනුවත් කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ  පැවති … මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වන දිනය ගැන දැනුම්දිමක්

ගම්මන්පිලට එරෙහි නඩුවක් කල්‍ යයි

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු  අමාත්‍ය   උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජුනි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවා. එහිදී විත්තිකාර උදය ගම්මන්පිල මහතා සාක්ෂි කූඩුවේ සිට  සාක්ෂි … ගම්මන්පිලට එරෙහි නඩුවක් කල්‍ යයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යලි නොතීසි නිකුත් කරන්නැයි නියෝග

2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින … හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යලි නොතීසි නිකුත් කරන්නැයි නියෝග

යෝෂිතට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් … යෝෂිතට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

කපිල චන්ද්‍රසේනගේ සිරුරු නිවසින් රැගෙන යයි

අභිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ, මහේස්ත්‍රාත්වරයා සිදුකළ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුවයි. එම මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැණුනේ කොල්ලුපිටිය, පේදිරිස් පටුමගේ පිහිටි නිවසක තිබීයදීයි. ඉන් … කපිල චන්ද්‍රසේනගේ සිරුරු නිවසින් රැගෙන යයි

රටම කතාවෙන කපිල චන්ද්‍රසේන යනු කවුද?

කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති කපිල චන්ද්‍රසේන චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු උපාධියක් සහ මෙල්බර්න් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර දැරීමට පෙර ඔහු මිහින් ලංකා සහ මොබිටෙල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි ලෙස මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරියා ලෙසද සේවය … රටම කතාවෙන කපිල චන්ද්‍රසේන යනු කවුද?

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ. ඒ අනුව ස්ථානීය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි එම ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් මාණ්ඩලික … කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

අභිරහස් ලෙස මියගිය රංග නිශාන්ත රාජපක්‍ෂයේ බිරිදගෙන් පොලීසියට පැමිණිල්ලක්

වැඩ තහනමට ලක්ව සිටියදි අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත රාජපක්‍ෂ මහතාගේ බිරිද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. ඒ, සිය සැමියාගේ මරණය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් කර ගනිමින්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ විකාශය වූ NEWS NEWS AM EDITION වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා. එම සම්පූර්ණ වැඩසටහන පහතින්