Nishan Neth News

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අංශ කිහිපයකින් විමර්ශන – පොලිස් නිල සුනඛයින් ද කැදවයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් යටතේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ සදහා පොලිස් නිල සුනඛයන්ද කැදවා සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයා ගත් කොල්ලුපිටිය, පේදිරිස් පටුමග ප්‍රදේශයේ නිවසට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පැමිණියා. එහි … කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අංශ කිහිපයකින් විමර්ශන – පොලිස් නිල සුනඛයින් ද කැදවයි

කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලිස් විමර්ශන ඇරඹේ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය, පේදිරිස් පටුගම, අංක 38 යන ලිපිනය දරණ නිවසේ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ. කපිල චන්ද්‍රසේන මහතා මියගිය ස්ථානයේ නවතම දර්ශන … කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන පොලිස් විමර්ශන ඇරඹේ

කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයා ගනී

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ ඔහුගේ සිරුර කොල්ලුපිටිය පේදිරිස් පෙදෙස ප්‍රදේශයේ නිවසක තිබියදී එලෙස සොයාගත් බවයි. ප්‍රශ්නගත එයාර් බස් ගණුදෙණුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප මත මුදා හැර සිටියදී යළි ඔහු … කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයා ගනී

“රටම එකට” ජාතික මෙහෙයුමෙන් නීතියේ රැහැනට කොටුකරගත් සැකකරුවන් ගැන අනාවරණයක්

විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීයි. අත්අඩංගුවට ගන්නා … “රටම එකට” ජාතික මෙහෙයුමෙන් නීතියේ රැහැනට කොටුකරගත් සැකකරුවන් ගැන අනාවරණයක්

පන්ති කාමරයක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව අඩු කිරීමට පියවර

පාසලක පන්ති කාමරයකට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට ඉදිරියේදි කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිට පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 40 ත් 45 ත් අතර සංඛ්‍යාවක් වන බවයි. ජාතික ජනබලවේගය ආණ්ඩුව භාර ගැනීමට පෙර සිටම මෙවැනි සංඛ්‍යාවක් … පන්ති කාමරයක ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව අඩු කිරීමට පියවර

ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත, 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමුන් ඇතුළත්වීමේ දෙවන වටයේ අභියාචනා භාරගැනීම අද සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, 2026 අද සිට මැයි 29 දක්වා අභියාචනා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3 ක් … ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්

ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ සිය යුද නැව් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව අමෙරිකාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ, ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමෙන්. ඒ අනුව අමෙරිකානු හමුදාවන්ට පහර දීමට වගකිවයුතු ඉරාන මිසයිල සහ ඩ්‍රෝන දියත් කළ මධ්‍යස්ථාන, අණදෙන සහ පාලන මධ්‍යස්ථාන මෙන්ම බුද්ධි තොරතුරු මෙහෙයවන මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් … ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත අමෙරිකාවෙන් ප්‍රහාර

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (08) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය … ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

”මැංගුස් හටන” සහ ”රන් මහා සටන” අද සිට

කළුතර විද්‍යාලය සහ තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන ”මැංගුස් හටන”  මහා ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා. දෙදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 66 වන වරටයි. 1949 වසරේදී ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරගය මෙරට 13 වැනි පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසයි වාර්තා අතරට එක්ව තිබෙන්නේ. ”මැංගුස් හටන”  … ”මැංගුස් හටන” සහ ”රන් මහා සටන” අද සිට