Nishan Neth News

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න ආණ්ඩුව ගන්න යන පියවර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව එම පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කරන්න ආණ්ඩුව ගන්න යන පියවර

කදානේ නිවසකින් හමුවූ T56 ජීව උණ්ඩ

කදාන, වීදි මාවත ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ T56 ජීව උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා. ඒ, කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ මෙහෙයුමකදීයි. පසුගියදා ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන එන ලද සැකකරුවෙකු රැදවුම් නියෝග මත රදවාගෙන එම කාර්යාංශය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ එම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන කදානේ නිවසකින් හමුවූ T56 ජීව උණ්ඩ

වත්තල විශේෂ සෝදිසි මෙහෙයුමක්

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද ඖෂධ පෙති හත් ලක්‍ෂ 44,500 ක තොගයක් වත්තලදී සොයාගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදී එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ලොරි රථයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. එම සැකකරුවන්, ඖෂධ පෙති වත්තල විශේෂ සෝදිසි මෙහෙයුමක්

දෙකෝටියකට අධික කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකුඅත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 116 ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල පැමිණීමේ පර්යන්තයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම කුෂ් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් පමණ වනවා. එම කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙනවිත් ඇත්තේ මානිප්පායි හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. දෙකෝටියකට අධික කුෂ් මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකුඅත්අඩංගුවට

ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි

කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කුෂ්”‍ මත්ද්‍රව්‍ය හා සමාන මත්ද්‍රව්‍යයක් සිය ගමන් මල්ලෙහි සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි රුපියල් කෝටියක් පමණ වටිනා එම මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය දිවයිනට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

වැඩි කල වතු කම්කරු වැටුප දෙන දවස

වතු කම්කරු වැඩි කළ වැටුප පෙබරවාරි 10 වනදා සිට ලබා දෙන බව විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ මෙහිදී වතු කම්කරුවෙකුට රුපියල් 1,750ක මුදලක් හිමිවන බවයි. වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුවට අරගලයක් කිරීමට සිදුවූ බව ද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසුවා. වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750ක් දක්වා වැඩිකිරීමට වැඩි කල වතු කම්කරු වැටුප දෙන දවස

උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ඇරඹේ

උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ආරම්භ වනවා. ඒ අනුව අයදුම්පත් භාර ගැනීම අද පෙරවරු 09.00ට විවෘත වන අතර එය පෙබරවාරි මස 19 වන දින පස්වරු 09.00 දක්වා විවෘතව පවතිනවා. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නිරත උපාධිධාරීන් සහ රාජ්‍ය උපාධිධාරින්, ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැදවීම අද ඇරඹේ

ඉන්දියාවෙන් වැඩම කල සර්වඥ ධාතූන් වන්දනාවට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව සදහා අද සිට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනවා. ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා දක්වා දින 7ක කාලයක් ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව සිදු කරනු ඇති. ඒ, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදීයි. පැය 24 පුරා මෙම ශ්‍රී ඉන්දියාවෙන් වැඩම කල සර්වඥ ධාතූන් වන්දනාවට සැදැහැවතුන්ට අද සිට අවස්ථාව