Nishan Neth News

2027 මුලදී රේගු ආඥ පනත සංශෝධනය කරනවා.

ජාතික සංඛ්‍යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටිනවා.

අයි.එම්.එෆ් වැඩසටහන සාර්ථකව නිමා කරනවා. නැවත වැඩසටහනකට එළැඹීමේ යෝග්‍යතාවය සොයා බැලීමට කමිටුවක් පත් කර තිබෙනවා.

ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

2027 අයවැයේ උපායමාර්ගික අරමුණු 7ක්.

2022 දී රාජ්‍ය ව්‍යවසායන් 52ක් වෙනුවෙන් වාර්තා කළ රු බි 744.6ක සමස්ත බද්දට පෙර සුද්ද අලාභය 2025 දී රු බි 44.4 ලාභයක් බවට පත් කළා. මහා භාණ්ඩාගාරයට තිබුණු පීඩනය අඩු කරා. 2026 අගෝස්තු අවසානයේ රු බි 367 බදු පෙර ලාභයක් රාජ්‍ය ආයතන වාර්තා කළා.

2018 වසරෙ දී ශ්‍රීලන්කන් ගුවන් සේවය ආපසු පවරා ගත් දින සිට 2025 දක්වා සමස්ත සමුච්චිත අලාභය රු බි 528ක්. භාණ්ඩාගාරයට බරක් වෙලා. විසඳුම් හොයන්න අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරා.

2022 වසරේ සියයට 79.1 ක් වූ රාජ්‍ය ආදායමෙන් ණය ගෙවීමේ ප්‍රතිශතය 2025 වසරේදී සියයට 39.6 ක් දක්වා පහළට.

විදෙස් ප්‍රේෂණ හරහා අමෙරිකානු ඩොලර් බිලියන 9 ඉක්ම වූ ආදායමක් අපේක්‍ෂා කරනවා.