Nishan Neth News

හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි

හිටපු බන්ධනාගර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ කොමිසම සිදුකල විමර්ශණයකදී එය හෙළිවී වූ බවයි. එම විමර්ශණයේ අවසන් තීරණය සහිත වාර්තාවක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවද … හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීමේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියයි

අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද පස්වරුව දක්වා විශේෂ ප්‍රවාහන සේවා

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාව අද දිනයේ ද ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ සභාපති සජීව නන්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත්වල සිට කොළඹ දක්වාත් අදියර දෙකක් යටතේ එම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි. ඒ අනුව ගම්බිම් බලා යන … අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද පස්වරුව දක්වා විශේෂ ප්‍රවාහන සේවා

ඉරාන නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකයේම අවධානය

ඉරානයේ නව උත්තරීතර නායක මෝප්තබා කමේනිට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. යුද්ධය ආරම්භයේදී ඔහුගේ පියා වන අයතුල්ලා අලි කමේනි ඉලක්ක කර එල්ල වූ මාරාන්තික ගුවන් ප්‍රහාරයට මෝප්තබා කමේනි ද ගොදුරු වී ඇති අතර එම අවස්ථාවේදී ඔහු තම පියා අසලම රැඳී සිට ඇති බව … ඉරාන නව නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ලෝකයේම අවධානය

අපරීක්ෂාකාරී හා අන්තරාදායක රියැදුරන් කොටු කිරීමට පොලිසියෙන් WhatsApp අංකයක්

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පදවන පුද්ගලයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් 070-4755600 දරන විශේෂ WhatsApp අංකය හඳුන්වා දී තිබේ. වර්තමානයේ සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් මාර්ග නීති උල්ලංඝනය කරමින් අනෙක් පුද්ගලයන්ගේ ජීවිත අනතුරේ හෙළන රියැදුරන් පිළිබඳ දර්ශන මුදාහැරීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර, රථ වාහන පාලන හා … අපරීක්ෂාකාරී හා අන්තරාදායක රියැදුරන් කොටු කිරීමට පොලිසියෙන් WhatsApp අංකයක්

මැදපෙරදිග සාමය වෙනුවෙන් අමෙරිකානු උප ජනාධිපති පාකිස්තානයට

මැදපෙරදිග කලාපය තුළ දැනට පවතින උණුසුම් යුදමය වාතාවරණය සමනය කිරීමේ අරමුණින් අමෙරිකානු උප ජනාධිපතිවරයා අද (11) දින පාකිස්තානය වෙත පැමිණි අතර, එහිදී දෙරටේ නායකයන් අතර මෙම වැදගත් සාකච්ඡාව පවත්වා ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් තහවුරු කර ඇත. කලාපීය සාමය ස්ථාපිත කිරීම සහ යුදමය තත්ත්වය අවසන් කිරීම සඳහා ගත හැකි රාජ්‍යතාන්ත්‍රික පියවර පිළිබඳව මෙහිදී … මැදපෙරදිග සාමය වෙනුවෙන් අමෙරිකානු උප ජනාධිපති පාකිස්තානයට

දිස්ත්‍රික්ක රැසකට දැඩි උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය කිහිපය සඳහා වලංගු වන පරිදි විශේෂ උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (11) පස්වරු 03.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (12) දිනය පුරාම බලපැවැත්වෙනු ඇත.

කඹ ඇදිල්ල මැද වනිදුගේ IPL ගමනක් බොඳවෙයි

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා ඒ අනුව වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවන බව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ටොම් මූඩි පවසා පවසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුළදි ආබාධයකට ලක් වූ වනිඳු … කඹ ඇදිල්ල මැද වනිදුගේ IPL ගමනක් බොඳවෙයි

පෙට්‍රල් වාහනවලට අද සිට සහනයක්

සතියක කාලයක් සඳහා පෙට්‍රල් වාහනවලට ඉන්ධන නිකුත්කිරීමේ QR ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. ඒ, උත්සව සමය හේතුවෙන්. ඒ අනුව එම සහනය අද (11) සිට අප්‍රේල් 18 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.

සජිත්ගෙන් කබීර්ට වගකීමක්

2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා. ඒ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින්. ඊට අදාළ පත්වීම් ලිපිය විපක්‍ෂ නායකවරයා විසින් ඊයේ දිනය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙත පිරිනමා තිබෙනවා