Nishan Neth News

අවුරුදු සමයේ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

සෑම වසරකදීම වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ අලුත් අවුරුදු උත්සව සතියේදී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එහි බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා ප්‍රකාශ කළේ අනතුරු අවම කර ගැනීම සදහා සුපරික්‍ෂාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වන බවයි. වසරේ සෙසු කාලසීමාවන්ට වඩා අලුත් අවුරුදු සතියේදී සිදුවන අනතුරුවලින් මියයන සංඛ්‍යාවද … අවුරුදු සමයේ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාවගේ ඉහළ උනන්දුවක් – අදත් වෙළද සැල් ජනතාවගෙන් පිරී යයි

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව තවදුරටත් නගර වෙත පැමිණෙමින් සිටින බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සදහා දකුණේ මෙන්ම උතුරේ ජනතාවගේ ඇත්තේද ඉහළ උනන්දුවක්. ඒ අනුව පෙර දින කිහිපය මෙන්ම අද පෙරවරුවේ සිටම සියලු නගර පාහේ ජනතාවගෙන් පිරිගොස් ඇති බවයි නෙත් නිවුස් … අලුත් අවුරුද්ද පිළිගන්න ජනතාවගේ ඉහළ උනන්දුවක් – අදත් වෙළද සැල් ජනතාවගෙන් පිරී යයි

බුස්ස බන්ධනාගාරයේ සිටි වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක් රැගෙන ගිය තැන මෙන්න

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුළ ඉදිකෙරුණු අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත මාරුකර යවා තිබෙනවා. ඒ අනුව සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද , ලොකු පැටී , මිදිගම රුවන් , මන්නා රමේෂ් , ආමි සම්පත් හා බැකෝ සමන් යන සංවිධානාත්මක අපරාධකරුවන් මෙලෙස වැලිසර අධි … බුස්ස බන්ධනාගාරයේ සිටි වෙලේ සුදා, දෙමටගොඩ චමින්ද ඇතුළු පිරිසක් රැගෙන ගිය තැන මෙන්න

ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටියත් නිහඩ වෙයි

ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අසහාය ගායන ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත ආශා බෝස්ලේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා. එසේ තිබියදී ඇගේ අභාවය සිහිකරමින් ෂඡඛ පිටිය ද ඊයේ මොහොතකට නිහඬ වුණා. ඒ මුම්බායි ඉන්ඩියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරඟයේදීයි. තරගය ආරම්භ වීමට පෙර දෙපිලේම ක්‍රීඩකයින් සහ නිලධාරීන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වමින් අභාවප්‍රාප්ත ආශා බෝස්ලේ … ආශා බෝස්ලේ වෙනුවෙන් IPL පිටියත් නිහඩ වෙයි

එක්සත් අරාබිය ණය ඉල්ලා සිටීමෙන් පාකිස්ථාන ආර්ථිකය අභියෝගයක

මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාකිස්ථානයට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක ණය මුදලක් ආපසු ගෙවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කළ ඉල්ලීම, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල යම් පීඩනයක් ඇති විය හැකි බවට ඉඟි කරයි. විදෙස් වාර්තා පවසන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම බිලියන ගණනක ණය මුදල පියවන ලෙස … එක්සත් අරාබිය ණය ඉල්ලා සිටීමෙන් පාකිස්ථාන ආර්ථිකය අභියෝගයක

චමරි අතපත්තුට ICC වගකීමක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ක්‍රීඩක උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස පත් කර තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟ, කාලසටහන් හා වාණිජ කටයුතු වැනි ගෝලීය කරුණු පිළිබඳ උපදෙස් ලබා දීම මෙම උපදේශක මණ්ඩලය වෙත පැවරෙනවා. මෙම මණ්ඩලයට පත්කර කළ නව ක්‍රිඩකයින් අතර ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් ඉතාලි කණ්ඩයමේ වේන් … චමරි අතපත්තුට ICC වගකීමක්

ලෙබනනය ගැන ඉන්දියාව කණස්සල්ලෙන්

ලෙබනනය තුළ සිවිල් වැසියන් මියයෑමේ වාර්තා පිළිබඳව ඉන්දියාව දැඩි කනස්සල්ල පළ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඒ, පුද්ගලයන් 300කට වැඩි පිරිසකට මරු කැඳවමින් ඊශ්‍රායලය එල්ල කළ දරුණුතම බෝම්බ ප්‍රහාරයෙන් දින දෙකකට පසුවය. එක්සත් ජනපද-ඊශ්‍රායල සහ ඉරානය අතර යුද්ධය ඇවිළෙමින් පවතින පසුබිමක, ඉරානයට සහය දැක්වීම සඳහා හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, ඔවුන් … ලෙබනනය ගැන ඉන්දියාව කණස්සල්ලෙන්

චීනයෙන් ඉරානයට නව ගුවන් ආරක්ෂණ පද්ධති!

මෑතකාලීන බුද්ධි අංශ තක්සේරු කිරීම් පිළිබඳ හුරුපුරුදු පුද්ගලයින් තිදෙනෙකු උපුටා දක්වමින් සීඑන්එන් (CNN) පුවත් සේවය වාර්තා කළේ, ඉදිරි සති කිහිපය තුළ ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට චීනය සූදානම් වන බවට එක්සත් ජනපද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවයි. මෙම තොගවල මූලාරම්භය සැඟවීම සඳහා බීජිං පාලනය තුන්වන රටවල් හරහා ඒවා ප්‍රවාහනය කිරීමට කටයුතු කරමින් … චීනයෙන් ඉරානයට නව ගුවන් ආරක්ෂණ පද්ධති!

අමෙරිකානු නාවික හමුදාවට ට්‍රම්ගෙන් හදිසි නියෝගක්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සහ ඉන් පිටවන සියලුම නෞකා අවහිර කිරීමට පියවර ගන්නා ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට නාවික හමුදාවට නියෝග කර තිබෙනවා. සිය ටෘත් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම නාවික අවහිර කිරීම් ඉතා කෙටි කලකින් ආරම්භ කරන බවයි. පසුගියදා පැවති ද්වී පාර්ශවික සාකච්ඡා සම්බන්ධයෙන්ද ඩොනල්ඩ් ට්‍රම්ප් එහි අදහස් … අමෙරිකානු නාවික හමුදාවට ට්‍රම්ගෙන් හදිසි නියෝගක්