Nishan Neth News

අවුරුද්දට බස් එකෙන් ගමේ යන අයට දැනුම්දීමක්

එළඹෙන අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව හැකිතාක් කල්වෙලා ඇතිව මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය වෙත පැමිණ ප්‍රවාහන සේවා සලසා ගන්නා ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටිනවා. එම කොමිෂන් සභාව පැවසුවේ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයෙන් මේ වනවිට අතිරේක බස්රථ සේවා යොදවා ඇති බවයි. … අවුරුද්දට බස් එකෙන් ගමේ යන අයට දැනුම්දීමක්

වෛද්‍ය සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ අනුව ඊයේ (9) පෙරවරු අටට ආරම්භ කළ පැය 48 ක වර්ජනය අවසන්වීමට නියමිතව ඇත්තේ හෙට පෙරවරු අටටයි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ප්‍රකාශයට පත් කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස වර්ජනයේ නිරත වනවා. මේ අතර සිය ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරිම සදහා අද … වෛද්‍ය සංගමය හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

වෛද්‍ය වර්ජනය මැද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසකට අද පත්විම්

වෘත්තීය කාණ්ඩ කිහිපයකට අදාළව පත්වීම්ලාභීන් 154 දෙනෙක් සඳහා පත්වීම් ප්‍රදානෝත්සවය අද දින සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ සහභාගීත්වයෙන්. අද පෙරවරු 11.00 ට කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේදී මෙම පත්වීම් ප්‍රදානය සිදු … වෛද්‍ය වර්ජනය මැද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසකට අද පත්විම්

හෝමාගම ගැටුමකින් සරසවි සිසුවෙකු මරුට

හෝමාගම, මොරගහහේන මාර්ගයේ හෝටලයක් තුළදී පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 19 ක් වූ වැල්ලව ප්‍රදේශයේ පදිංචි විශ්වවිද්‍යාල සිසුවෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි. අදාළ සිසුන් දෙපිරිස එම හෝටලය තුළ ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා තිබෙනවා. එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී … හෝමාගම ගැටුමකින් සරසවි සිසුවෙකු මරුට

සිංගප්පූරුවේදී සැත්කමකට මුහුණ දුන් රනිල් යළි දිවයිනට

සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලකදී සැත්කමකට භාජනය කර ප්‍රතිකාර ලබාගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනට පැමිණියා. නෙත් නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ පෙරවරු 10.15 පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කමකට භාජනය කෙරුණේ පසුගිය මාර්තු මස අග භාගයේදියි. එම සැත්කම සාර්ථකව සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී … සිංගප්පූරුවේදී සැත්කමකට මුහුණ දුන් රනිල් යළි දිවයිනට

මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට

කැස්බෑව, පොල්ගස්ඕවිට පාලම අසලදී මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්කයේ තිබී කේරළ ගංජා කිලෝ 32 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. වැඩිදුර විමර්ශන සදහා සැකකරු කැස්බෑව පොලිස් ස්ථානය වෙත … මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවෙකු STF අත්අඩංගුවට

59 වන අලුත් සහල් මංගල්‍යයට ජනපති එක්වෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. දිවයිනේ දිස්ත්‍රික් 25 නියෝජනය කරමින් ගොවි ජනතාවද ඊට සහභාගිවී සිටි බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදු කෙරුණා. කෘෂිකර්ම, පශු සම්පත්, … 59 වන අලුත් සහල් මංගල්‍යයට ජනපති එක්වෙයි

යාපනනය සහ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ යාපනය සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය අද සිට යළි ආරම්භ වුණා. ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය අද සිට දිනපතා ගමන් ආරම්භ කරනු ඇති. ග ල්කිස්සෙන් පෙරවරු 05.15 ටත්, කන්කසන්තුරයෙන් පස්වරු 01.50 ටත් මෙම දුම්රිය පිටත් වීමට නියමිතයි. මෙම දුම්රිය වායු සමනය කළ පළමු පංතියේ මැදිරි 09 කින් සමන්විතයි. යාපනය රාත්‍රී තැපැල් දුම්රිය … යාපනනය සහ කන්කසන්තුරය දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට

කඳාන, මෝරාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්පැන් බෝතල් තොගයක් සහ දුම්වැටි තොගයක් නීතිවිරෝධිව ළග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කඳාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදී බලපත්‍ර නොමැති විදේශීය මත්පැන් බෝතල් 137 ක් සහ තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 64,800 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ … විදේශීය මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් පොලිස් භාරයට