Nishan Neth News

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ කාගේද?

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා සිටින අංශයේ තිබී මෙම ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා. මිලිමීටර් 09 ප්‍රමාණයේ ජීව උණ්ඩ 05ක් මෙලෙස සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඒවා පාර්සලයක් සකස් කර තිබුණු බව ද, එම පාර්සලය බන්ධනාගාර තාප්පයෙන් ඇතුලට විසිකර ඇතැයි … ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ කාගේද?

නාමල්ගේ බිරිදත් දේශපාලනයට එනවාද?

මේ දිනවල සමාජය තුළ කතාබහට ලක්වන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පල කළා. ඒ නෙත් නිවුස් රතු කට්ට වැඩසටහනට එක්වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ඉදිරියේදී දේශපාලනයට පැමිණේන් දැයි සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙනවා. ඒ සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කළා. ඒ සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කළා. එහිදී ඔහු කියාසිටියේ … නාමල්ගේ බිරිදත් දේශපාලනයට එනවාද?

යළිත් වෛද්‍ය වර්ජනයක්

සිය ගැටළුවලට විසදුම් ලබා නොදෙන්නේ නම් අද පෙරවරු අටේ සිට පැය 48ක දීප ව්‍යාප්ත වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්කළ නවක වෛද්‍යවරු 436 දෙනාට ඔවුන්ගේ නව පත්වීම් හා සේවා ස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඊයේ ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම වෛද්‍යවරු අද සිට ලබන 11 වනදා … යළිත් වෛද්‍ය වර්ජනයක්

සටන් විරාමය කඩ කරමින් ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර – පුද්ගලයින් 254ක් මරුට

ලෙබනනය පුරා ඊශ්‍රායල හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රබල ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 254 දෙනෙකු මියගොස් තිබෙනවා. ලෙබනන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,165 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ ගුවන් ප්‍රහාර හේතුවෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන්වලට යට වූ බොහෝ පිරිසක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මින්තු 10ක් ඇතුළත … සටන් විරාමය කඩ කරමින් ඊශ්‍රායලයෙන් ලෙබනනයට දරුණු ප්‍රහාර – පුද්ගලයින් 254ක් මරුට

යුද්ධය නතරවන පණිවිඩයත් සමග තෙල් මිලත් පහළට

අමෙරිකාව සහ ඉරානය සති දෙකක සටන් විරාමයකට එකඟතාව පළ කිරීමත් සමග ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහල ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල අද උදෑසන හය වන විට වාර්තා වුණේ අමෙරිකානු ඩොලර් 95යි දශම 6යි 0ක් ලෙසයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 13යි දශම 6යි 7කින් අඩු වී … යුද්ධය නතරවන පණිවිඩයත් සමග තෙල් මිලත් පහළට

අමෙරිකාව සහ ඉරානය යුද්ධය නවතයි සටන් විරාම එකඟතාව මෙන්න

ලෝකයම ඉමහත් අර්බුදයකට ඇද දමමින් මාස එකහමාරක් පමණ තිස්සේ පැවති යුද ගැටුම් තාවකාලිකව නතර කරමින්, සති දෙකක සටන් විරාමයකට අමෙරිකාව සහ ඉරානය එකඟතාව පළ කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් ආරග්චි උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම තීරණයත් සමඟ ඉදිරි සති දෙකක කාලය තුළ දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වීමට නියමිත … අමෙරිකාව සහ ඉරානය යුද්ධය නවතයි සටන් විරාම එකඟතාව මෙන්න

කංජිපානිගේ ගෝලයෙක් හෑෂ් කිලෝ පහක් සමග කොටුකරගත් STF මෙහෙයුම

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් සහ පලනි ශිරාන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයෙකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල වැටලීමකදියී. සැකකරු වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී හැෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 137ක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල … කංජිපානිගේ ගෝලයෙක් හෑෂ් කිලෝ පහක් සමග කොටුකරගත් STF මෙහෙයුම

නොකියාම ලයිට් කපනවාද? නෙත් නිවුස් මතු කළ සැකය පාර්ලිමේන්තුවේදීත් සංවාද

දැනුම්දීමකින් තොරව තැන තැන විදුලි කප්පාදුවක් සිදු කරනවා දැයි ඇතැම් අය සැක මතු කරමින් සිටින බවට නෙත් නිවුස් අද උදෑසන කළ අනාවරණය පාර්ලිමේන්තුවේදීත් අද සංවාදයට ගැණුනා. ඊයේ පස්වරුවේ ප්‍රදේශ ගණනාවකට වරින් වර විදුලිය බිද වැටුණු අතර දැනුම් දීමකින් තොරව සිදුවූ මෙම විදුලි බිද වැටීම හදිසි ආපදාවක්ද නැතහොත් සැලසුම් කළ කප්පාදුවක් දැයි තවමත් නිල වශයෙන් ප්‍රකාශ … නොකියාම ලයිට් කපනවාද? නෙත් නිවුස් මතු කළ සැකය පාර්ලිමේන්තුවේදීත් සංවාද

සඳ වටා ගිය ගඟන ගාමීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ධවල මන්දිරයට කැඳවීමක්

වසර 54ට පසු පළමුවරට සඳ වටා ගිය මිනිස් මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වන ‘ආටිමිස් 2‘ යටතේ ගගනගාමීන් 4දෙනෙකු සමග සඳ වටා ගිය ඔරායන් යානය දැන් නැවතත් පෘථිවිය බලා ගමන් ආරම්භ කර තිබෙනවා. මෙම ඓතිහාසික ගමනේදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් දෙලක්ෂ පනස් දෙදහස් හත්සිය පනස් හයක් දුරින් ගමන් කරමින්. මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර පිළිබඳ වාර්තාව … සඳ වටා ගිය ගඟන ගාමීන්ට ජනපති ට්‍රම්ප්ගෙන් ධවල මන්දිරයට කැඳවීමක්