Nishan Neth News

ගිනි අවි සහ උණ්ඩ සන්තකව සිටි සැකකරුවෙකු මාවනැල්ලේදි අත්අඩංගුවට

මාවනැල්ල, කිරිගල හන්දිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි දෙකක් සහ උණ්ඩ රැසක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එහිදි සැකකරු සන්තකයේ තිබි පිස්තෝල අවි 02 ක්, මැගසින් 05 ක්, ඊයම් බෝල 156 ක් හා බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා. … ගිනි අවි සහ උණ්ඩ සන්තකව සිටි සැකකරුවෙකු මාවනැල්ලේදි අත්අඩංගුවට

ඉරාන ජනපති ලබන සතියේ රුසියාවට

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියෑන් ලබන සතියේදී රුසියාවේ මොස්කව් නුවර නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. රුසියාවේ ඉරාන තානාපති කාසෙම් ජලාල් තහවුරු කර ඇත්තේ, ඔක්තෝබර් 27 වන අඟහරුවාදා මොස්කව්හිදී පැවැත්වෙන ගෑස් අපනයනය කරන රටවල සංසදයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ඉරාන ජනාධිපතිවරයා එලෙස රුසියාවට පැමිණෙන බවයි. මෙම සංචාරය අතරතුරදී ඉරාන ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් … ඉරාන ජනපති ලබන සතියේ රුසියාවට

කොටහේනේදී මෝටර් රථයකින් අම්බර් තොගයක් මතුවෙයි

තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද අම්බර් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොටහේන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි. එහි තිබී අම්බර් කිලෝ 07 යි ග්‍රෑම් 990 ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් … කොටහේනේදී මෝටර් රථයකින් අම්බර් තොගයක් මතුවෙයි

තලල්ල වෙරළේ මෙහෙයුමක් – මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් සොයා ගැනේ

තලල්ල වෙරළ තීරයේ තිබී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් අද උදෑසන සොයාගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි. කෙසේවෙතත් සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. එම උර තොගය රැගෙන ආ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍රවල වලංගුතාව ගැන පැහැදිලි කිරීමක්

ශ්‍රී ලාංකික පුරවැසියෙකුට දැනටමත් ලංකාවේ නිකුත් කළ රියදුරු බලපත්‍රයක් පවතින්නේ නම්, විදේශගතව සිට නැවත මෙරටට පැමිණෙන අවස්ථාවලදී එම බලපත්‍රය භාවිත කරමින් කිසිදු බාධාවකින් තොරව නීත්‍යානුකූලව වාහන ධාවනය කිරීමට හැකියාව පවතින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ඒ, විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙරට තුළ රියදුරු බලපත්‍ර ලබාගැනීමේ සහ භාවිත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු … විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රියදුරු බලපත්‍රවල වලංගුතාව ගැන පැහැදිලි කිරීමක්

මිය ගිය කාවන්තිස්ස ඇත් රජුගේ සිරුරට කළ දේ ගැන සංවේදී අනාවරණයක්

රටට අතිශය වටිනාකමක් එක් කල, ජාතික වස්තුවක් තරම් වටිනාකමක් තිබූ මෙරට ජීවත් වූ දැවැන්තම ඇතා වන කාවන්තිස්ස හස්තියාගේ සිරුර සංරක්ෂණය නොකර භූමදානය කර ඇතැයි පරිසරවේදීන් පවසනවා. නේචර් ශ්‍රී ලංකා නිර්මාතෘ, සමාජ ක්‍රියාකාරිකා ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවේ කිසිදු බළධාරියෙකුට මෙම සද්ධන්තයාගේ සිරුර සංරක්ෂණය කිරීම සදහා කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි. ඇය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් … මිය ගිය කාවන්තිස්ස ඇත් රජුගේ සිරුරට කළ දේ ගැන සංවේදී අනාවරණයක්

ආණ්ඩුව ගෙවල්වල ඉන්න සුනඛයින් ගැනත් තීරණයක් ගනී

රට තුළ සුනඛයින් ලක්ෂ 32ක් පමණ සිටින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ මෙරට සෑම පුද්ගලයින් 07 දෙනෙකුට එක් සුනඛයෙකු බැගින් සිටින බවයි. “ජලබීතිකාව රෝගයේදී මේකෙදි වැඩිම මේ රෝගය ව්‍යාප්ත කරන සත්තු තමයි ඇත්තටම සුනඛයෝ. 95%ක විතරම මේ ලෙඩේ බෝවෙන්නේ සුනඛයන්ගෙන්. ඉතින් ඒ පරිසරය ඇතුලේ තමයි අපි මේක විග්‍රහ කරගන්න ඕනකම … ආණ්ඩුව ගෙවල්වල ඉන්න සුනඛයින් ගැනත් තීරණයක් ගනී

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුවද දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ … බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින්  07 දෙනෙකු ජීවිතක්ෂයට

ජෝර්දානයේ කැරැක් (Karak) ප්‍රාන්තයේ හමූද් (Hamoud) ගම්මානයේ පිහිටි ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයක පැවැති අවමංගල්‍ය උත්සවයකට එල්ල වූ  ප්‍රහාරයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස්  මාධ්‍ය වාර්තා කළේ. ජෝර්දාන මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ උබයිදුල්ලා අල්-මායිතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් 27 දෙනෙකු මේ වන … ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින්  07 දෙනෙකු ජීවිතක්ෂයට