Nishan Neth News

නෙත් නිව්ස් දිගින් දිගටම කළ පෙන්වාදීම්වලින් පසු ජනපති අනුර ඇත්ත නැත්ත හොයන්න පෞද්ගලිකවම අනුරාධපුරයට යයි

ගැසට් කර තිබෙන අනුරාධපුර පූජාභූමි සංවර්ධන සැලැස්මෙහි ඇතැම් කරුණු සැක සහිත බවට නෙත් නිවුස් දිගින් දිගටම කළ පෙන්වාදීම්වලින් පසු, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අනුරාධපුරයේ සංචාරයක නිරත වුණා. ​අනුරාධපුර ඓතිහාසික උරුමය සහ ආගමික වටිනාකම් සුරක්ෂිත වන පරිදි සියලු සංවර්ධන කටයුතු සිදුකළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී දැඩිව අවධාරණය කළේ. ​නෙත් … නෙත් නිව්ස් දිගින් දිගටම කළ පෙන්වාදීම්වලින් පසු ජනපති අනුර ඇත්ත නැත්ත හොයන්න පෞද්ගලිකවම අනුරාධපුරයට යයි

ආසියානු පැරා තරග බිමේ T44 මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේට

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T44 මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේ අද සමත් වුණා. ඔහු මෙම පදක්කම දිනා ගත්තේ තරගය තත්පර 11යි දශම 5යි 8ක කාලයකින් නිමා කරමින්. මෙය ඉන්දික ගමගේ මෙම තරග සමයේ මෙම ඉසව්වෙන් දැක්වූ ඉහළම දක්ෂතාව ද වනවා. ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11යි … ආසියානු පැරා තරග බිමේ T44 මීටර් 100 පිරිමි ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවේ ඉන්දික ගමගේට

රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට සහ අනිද්දා නතර කෙරේ

  රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට (24) සහ අනිද්දා (25) අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කඩිගමුව ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් සේදී ඒම නිසා, අවශ්‍ය ප්‍රතිසංස්කරණ හේතුවෙන් එලෙස දුම්රිය ධාවනය අත්හිටුවන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්

බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක්

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කාලයක් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය හෙට දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ලබන 25 වනදා වනවිට එය ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ලබන 26 වනදා උදෑසන වනවිට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම … බෙංගාල බොක්ක ප්‍රදේශයේ නව අඩු පීඩන කලාපයක්

Gen Z තරුණ විරෝධතා මැද පාර්ලිමේන්තුවේ ගුටිකෙලි

Gen Z තරුණ කණ්ඩායම් පෙරමුණ ගෙන මෙහෙයවන උණුසුම් විරෝධතා අතරතුර ඇල්බේනියානු පාර්ලිමේන්තුවේ ද ගැටුම් ඇති වී තිබෙනවා. විදෙස් මාධ්‍ය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති නවතම දර්ශන වලින් පෙනෙන්නේ පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන් වචන සංවාදවලින් නොනැවතී පාර්ලිමේන්තු සභාවේදී ගුටිබැට ද ඇන ගන්නා ආකාරයයි. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණය සහ රජයේ ප්‍රධාන කාර්යාල අසල තවදුරටත් උණුසුම් උද්ඝෝෂණ සිදුකෙරෙමින් … Gen Z තරුණ විරෝධතා මැද පාර්ලිමේන්තුවේ ගුටිකෙලි

අස්වැසුම ආධාර මුදල් සොරාගත් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් රිමාන්ඩ්

අස්වැසුම ආධාර මුදල් සොරාගත් බව කියන මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් ලබන 4 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදුන් නියෝගයක් මතයි. සැකකාර නිලධාරිණිය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස් වැසුම විෂය භාරව කටයුතු කර ඇති බවයි කැබතිගොල්ලෑව පොලීසිය පැවසුවේ. ඒ අනුව ඇය වංචා කළ බව කියන මුදල රුපියල් 23 … අස්වැසුම ආධාර මුදල් සොරාගත් මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිණියක් රිමාන්ඩ්

සබරගමුව විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස මොලගොඩ, කොටමුදුන්ගල රජමහා විහාරාධිපති, ජේ්‍යෂ්ඨ මහාචාර්ය පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උන්වහන්සේගේ මෙම පත්වීම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පූජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද … සබරගමුව විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

චාමර සම්පත් දසනායකට නඩු හතරකට ඇප

අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි 04 කට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ ලේකම්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම … චාමර සම්පත් දසනායකට නඩු හතරකට ඇප

සත්‍යග්‍රහයේ නිරත පිරිස අධිකරණ පරිශ්‍රයට

විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත පූජ්‍ය උලපනේ සුමංගල හිමි, පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබෙනවා. ඒ, එම උද්‍යානයේ ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්‍රය ඇතුළු ස්ථාන කිහිපයක සහ මාර්ග කිහිපයක අඛණ්ඩව රැඳීසිටීමෙන් වළකින්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නිකුත් කළ නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මගින් කරුණු … සත්‍යග්‍රහයේ නිරත පිරිස අධිකරණ පරිශ්‍රයට