Published
ඉහළ දැමූ විදුලි ගාස්තුව තමන්ට ද දැනෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
එලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් මෙරට ධරිද්‍රතාවය තවත් ඉහළ යනු ඇති බවයි කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා.
කෙසේවෙතත් විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක්වූයේ මෙවන් අදහසක්.