ඉන්දියානු ගගනගාමී ගෲප් කපිතාන් ශුභාන්ෂු ශුක්ලා සහ ඔහුගේ ජාත්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා රැගත් SpaceX Dragon කැප්සියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ගමන් ආරම්භ කර තිබේ.

මෙම සන්ධිස්ථානය ශුක්ලා සනිටුහන් කරන්නේ අභ්‍යවකාශයට ගිය දෙවන ඉන්දියානුවා සහ දශක හතරකට පසු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වෙත ළඟා වූ පළමු ඉන්දියානුවා ලෙසයි.

Ax-4 කාර්ය මණ්ඩලය බදාදා ෆ්ලොරිඩාවේ NASA හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට Falcon 9 රොකට්ටුවකින් සිය මෙහෙයුම ආරම්භ කර තිබිණි.

සිව් පුද්ගල Axiom 4 කාර්ය මණ්ඩලය මෙහෙයවනු ලබන්නේ විශ්‍රාමික NASA ගගනගාමියෙකු සහ Axiom අභ්‍යවකාශ අධ්‍යක්ෂවරයෙකු වන 65 හැවිරිදි Peggy Whitson විසිනි.

ඇයගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වන්නේ ඉන්දියාවේ ශුභාන්ෂු ශුක්ලා (39), පෝලන්තයේ Sławosz Uznański-Wiśniewski (41) සහ හංගේරියාවේ Tibor Kapu (33) ය