ඊශ්‍රායලයේ හයිෆා නගරයට ඉරානයෙන් තවත් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහි ප්‍රහාර තවදුරටත් තීව්ර කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රධානීවරයා පවසා තිබෙනවා.
කෙසේවෙතත් හමුදා සහ ආරක්ෂක ස්ථාන අසල ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ඉරාන සහ ඊශ්‍රායල ජනතාවට දෙරටින්ම අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊශ්‍රායලය විසින් මීට පෙර ඉරානයට එල්ල කල ප්‍රහාර හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 224ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා.
තවත් පුද්ගලයින් 1,277 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
විශ්ලේෂකයින් පවසන්නේ ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිලේ ඉහළ යාමක් සිදු විය හැකි බවයි.
මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය අතර ගිවිසුමකට එළඹිය හැකි යැයි තමන් බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රහාරයට ලක්ව සිටියදී තමන් සටන් විරාමයක් සඳහා සාකච්ඡා නොකරන බවයි ඉරාන රජය පවසා ඇත්තේ.