“පුනරුදයට මඟ” හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1,000ක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අද ඇරඹෙනවා.

වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් දෙහිවල ප්‍රදේශයේදී අද පෙරවරුවේ එය ආරම්භ වනවා.

ඒ, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙසයි.

පළමු අදියර ලෙස මාර්ග 55ක් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවයි එම අමාත්‍යංශය පැවසුවේ.

ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 19ක් වෙන් කර තිබෙනවා.