අරණායක, මෝරාගම්මන ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අරණායක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 37 ත් 62ත් අතර වයස්වල පසුවන හොරණ සහ කලගෙඩිහේන ප්‍රදේශවල පදිංචි සැකකරුවන් හය දෙනෙකක්.

ඔවුන් කැණීම් කටයුතු සදහා යොදාගත් උපකරණ ද සිය භාරයට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.