හිටපු අමාත්‍ය කෙහෙළියරඹුක් වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාලවයි.

ඉහත චෝදනාව යටතේ රු.134,097,731.39 ක වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000/- ක වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු.20,500,000/- ක වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාලව මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යන අතර මෙම විමර්ශනයට අදාලව මේ වන විටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා තිබෙනවා

එම සැකකරුවන් තිදෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ