Published
දෙමටගොඩ කලු පාලම යටදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ත්‍රිරෝද රථ රියදුරෙකු එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
එහිදි බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.




