Published
නෙත් එෆ් එම් රේඩියෝවේ ධර්ම දක්‍ෂිණාව සහ පොහෝදා ධර්ම දේශනය ඇතුළු ධර්මදේශනා රාශියක් සිදුකල ප්‍රකට ධර්ම දේශකයානන් වහන්සේ නමක් වූ පූජ්‍ය බෝධිමලුවේ සංඝානන්ද හිමියන් අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ අපවත් වී ඇත්තේ දැඩිව ගිලන්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
අපවත් වනවිට උන්වහන්සේ 54වන වියේ පසු වුණා.
නාරම්මල, මැටියගනේ වයඹ ශ්‍රී සත්ජය දහම් නිකේතය නිර්මාණය කළ උන්වහන්සේ ප්‍රදේශයේ දහම් කටයුතු මෙන්න සමාජයීය කටයුතු රාශියක් ඉටුකල යතිවරයානන් වහන්සේ නමක් ද වනවා.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය නුදුරේදී තීරණය කරනු ඇති.