Published
කොළඹ මහනගර සභාව සඳහා මීළඟ අයවැය ගෙන ඒමට පෙර විපක්ෂය සමග සාකච්ඡා කරන්නේ නම් ඊට සහයෝගය දීමට සූදානම් බව සමගි ජන බලවේගය පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසුවේ දෙපාර්ශ්වයේ පොදු එකඟතාවයකින් අයවැය ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍ය බවයි.
පළාත් පාලන ආයතනවල අයවැය ආණ්ඩුව දිගින් දිගටම පරාජ වන්නේ මන්දැයි ආණ්ඩුව විසින්ම දැන් ප්‍රශ්න කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙහිදී පැවසුවේ.
කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජන බලවේගය ඉකුත් දා ගෙන ආ මංගල අයවැය පරාජයට පත් වුණා.




