“2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” පැවැත්වෙන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය මේ වනවිටත් පොතපතට ඇලුම් කරන පාඨකයන්ගෙන් පිරීගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන එම පොත් ප්‍රදර්ශනය අද පෙරවරුවේ ආරම්භ වුණා.
ඒ අනුව ලබන ඔක්තෝම්බර් 06 වනදා දක්වා පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 තෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ගුණතිලක මහතා පැවසුවේ.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ නෙත් එෆ් එම් විශේෂ කුටියක් මෙවර ද ස්ථාපිතයි. ඒ පිළිබද තොරතුරු මේ වනවිට එහි රැදී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන්ගෙන්.
නෙත් එෆ් එෆ් විශේෂ කුටියට පැමිණි පාඨකයන්ගෙන් කිහිප දෙනෙකු ද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.
2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා මෙවරද නිල ගුවන්විදුලි මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.




