Published
මැද පෙරදිග ඇතිවන තිබෙන ගැටුම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍යවල පළවන වාර්තා විශ්වාස නොකරන ලෙස බලශක්ති අමාත්‍යංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
බලශක්ති අමාත්‍යංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටියා.
එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවයි.
එමෙන්ම ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් ඉදිරියට අවශ්‍ය පරිදි ඉද්ධන තොග ඇණවුම් කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වනවා.
එබැවින් ව්‍යාජ නොමග යවන සුළු ප්‍රවෘත්ති වලට නොරැවටෙන ලෙස බලශක්ති අමාත්‍යංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.