Published
ඉරානය හා ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මතුව ඇති යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මෙහිදී ප්‍රශ්න කළා.
අමාත්‍ය විජිත හේරත් මහතා ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
ඊශ්‍රායල යුද ගැටුම් උත්සන්න වුවහොත් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ආසන්න රටවලට ගෙන්වා ගෙන මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී කියා සිටියා.