Published
බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
සිදු වූ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ බෙල්ලන්විල ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක හිමිකරුවෙකු වන 55 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
අදාල පුද්ගලයා තමන්ගේ නිවාඩු නිකේතනය ඉදිරිපිට රැඳී සිටින අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ ව්‍යාපාරිකයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදු කළ සැකකරුවන් හෝ ඒ සඳහා යොදාගත් ගිනි අවිය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.




