පොළොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය හතේ කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

එම ස්ථානයේ සිටින නෙත් නිවුස් නියෝජිත රොෂාන් තුෂාර පැවසුවේ තුවාල ලැබූවන් ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර ඇති බවයි.

මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගමන් කර පෙරළී යාමෙන් අනතුර සිදුව තිබෙනවා.