ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තය ලෙස සැලකෙන බිහාර්හි පැවති රාජකීය පන්නයේ විවාහ මංගල්‍යයක් පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
මෙම විවාහ මංගල්‍යය බිහාර් ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ත් සිංගේ දියණිය වන ශිවංගි සිංගේ යි.
ඉකුත් බදාදා නඩාවා ගම්මානයේ පැවැත්වුනු මෙම විවාහ මංගල්‍යය සඳහා ලක්ෂ පහකට ආසන්න ආරාධිතයන් පිරිසක් සහභාගි වී සිටියා.
ආරාධිතයන් වෙනුවෙන් හෙලිපෑඩ් හයක් ඉදිකර තිබූ අතර, ඉවුම් පිහුම් සඳහා කෝකියන් 500 යොදවා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
ආහාර වර්ග 150කට වැඩි ප්‍රමාණයක් සහ රසකැවිලි කැබලි මිලියන අටක් පිළියෙල කර තිබුණා.
මනාලයා වෙනුවෙන් මෙහිදී රුපියල් මිලියන 23ක් වටිනා මෝටර් රථයක්ද තෑගි ලෙස ලබා දී ඇති බව සඳහන්.
විවාහ මංගල්‍යයේ සම්පූර්ණ වියදම නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් එය ඉන්දීය රුපියල් කෝටි 79ක් පමණ බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
මනාලිය වූ ශිවාංගි සිං ගේ පියා වන ආනන්ත් සිං මිනීමැරුම් ඇතුළු අපරාධ චෝදනා ගණනාවක් ලැබූවෙක්. ඔහු සිය දියණියගේ විවාහය වෙනුවෙන් මෙතරම් මුදලක් වැය කළේ කෙසේදැයි විමර්ශනය කළ යුතු බවට මේ වන විට විපක්ෂ දේශපාලන කණ්ඩායම් හඬ නගමින් සිටිනවා.




