වෙළඳ, ආරක්ෂක සහ බලශක්ති යන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැයි 23 වනදා සිට දින හතරක ඉන්දීය සංචාරයක නිරත වනු ඇත.
එහිදී ඔහු කොල්කටා, අග්‍රා, ජායිපූර් සහ නව දිල්ලි යන නගරවල සංචාරය කිරීමට නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
රාජ්‍ය ලේකම්වරයා එහිදී ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර බලශක්තිය, ආරක්ෂාව, වෙළඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ.
රූබියෝ ඉන්දියාව බලා පැමිණෙන්නේ ස්වීඩනයේ සිට වන අතර, එහිදී ඔහු මැයි 22 වනදා පැවැත්වෙන නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.
බටහිර ආසියානු අර්බුදයේ බලපෑම ඇතුළු දැඩි ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන සතියේ Quad විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ඉන්දියාව සූදානමින් සිටියි.
නව දිල්ලි නුවර පැවැත්වෙන මෙම රැස්වීම මැයි 26 වනදාට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනි වොන්ග් සහ ජපාන විදේශ අමාත්‍ය මොටෙගි ටොෂිමිට්සු සහභාගී වීමට නියමිතය.
මෙහි මුලසුන හොබවනු ලබන්නේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි.




