Published
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර විශේෂ හමුවක් වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී පවත්වා තිබෙනවා.
චීන ජනාධිපතිවරයා වෙනුවෙන් ධවල මන්දිරයේදී විශේෂ රාජ්‍ය භෝජන සංග්‍රහයක් ද සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එහිදී අදහස් දක්වමින් දෙරට අතර මිත්‍රත්වයේ නව පරිච්ඡේදයක් ආරම්භ වන බව නායකයින් දෙදෙනාම ප්‍රකාශ කර තිබෙනවා.
ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා දෙරටම වගකීම් සහිතව කටයුතු කළ යුතු බවයි චීන ජනාධිපති ෂී ජින්පිං එහිදී පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම දෙරට අතර සාමය සහ සමෘද්ධිය වෙනුවෙන් කැපවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එහිදී සහතික වී තිබෙනවා.




