කුවේට්  ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉරාන විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

ඔවුන් තිදෙනාම පිරිමි පුද්ගලයින් බවයි වාර්තා වුණේ.

ඔවුන් විදුලි සෝපාන අලුත්වැඩියා කාර්මික ශිල්පීන් ලෙස එහි සේවය කර තිබෙනවා.

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ සුළු තුවාල ලැබූ ඔවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි  වාර්තා වුණේ.

එම ප්‍රහාර හමුවේ තුවාල  ලබූ මුලු පිරිස 60කට අධික බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.