Published
උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදු වූ ගෑස් පිපිරීමකින් පුද්ගලයන් අසූ දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම ගෑස් පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247දෙනෙකු පමණ එහි සේවයේ නිරතව සි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අතුරුදන් වූවන් සොයා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
අදාළ සමාගමේ විධායක නිලධාරීන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුර සිදුවූ චීනයේ ෂැන්සි පළාත සැලකෙන්නේ එරට ගල්අඟුරු පතල් කර්මාන්තයේ අගනුවර ලෙසයි.
2010 සහ 2025 අතර කාලය තුළ චීනයේ පතල් අනතුරු 3,000 කට අධික ප්‍රමාණයක් සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.




