දකුණු ලෙබනන කලාපයට ඊශ්‍රායල හමුදාව නැවතත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව දකුණු ලෙබනනයේ බින්ට් ජබීල් දිස්ත්‍රික්කයේ තිබ්නින් සහ හැරිස් යන නගර අතර පිහිටි ප්‍රදේශයකට එලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත්, එල්ල වූ මෙම ප්‍රහාරයෙන් සිදු වූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.